Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #AI
  • #fake

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

False
False

පෙර පුහුණුවීම් සඳහා කොළඹට පැමිණ සිටින ෂාරුක් ඛාන් ලෙස හුවමාරු වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ඡායාරූපයක් බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූලි 7, 2025

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මස 02 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ කොළඹ City of Dreams Sri Lanka ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීම සඳහායි. City of Dreams Sri Lanka ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්.

මේ අතරතුර ෂාරුක් ඛාන් පෙර පුහුණුවීම් සඳහා කොළඹට පැමිණ සිටින බව දක්වමින් හුවමාරු වන ඡායාරූපයක් FactSeeker අවධානයට යොමු විය. මෙම ඡායාරූපය සජීවීකරණය කොට සකස් කළ වීඩියෝවක් ද FactSeeker ට හමුවිය. එමෙන්ම එම ඡායාරූපය ෂාරුක් ඛාන් සම්බන්ධ වෙනත් පුවතක් වාර්තා කිරීමේදී ඡායාරූපයක් ලෙස යොදාගත් පුවත් වෙබ් අඩවි ද අපට හමු විය.

අදාළ ඡායාරූපයේ ඇතැම් පළකිරීම්වල එය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවටත්, එහි යම් දෝෂ සහිත තැන් ගැනත් අදහස් පළ කර තිබිණි.

FactSeeker එම ඡායාරූපය සමීපව පරීක්ෂා කිරීමේදී නාම පුවරුව අසල ඇති මාර්ග සලකුණ විකෘති වී ගොස් ඇති ආකාරය නිරීක්ෂණය විය. එමෙන්ම “OF DREAMS MBOBO” යනුවෙන් නාම පුවරුවේ ඇති නමෙහි අක්ෂර වින්‍යාසය වැරදි බව ද, සැබෑ නාම පුවරුවේ එම නම දැක්වෙන්නේ “CITY OF DREAMS SRI LANKA” ලෙස බව ද අපට තහවුරු විය.

මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ අන්තර්ගතයන් හඳුනාගැනීමේ මෙවලම් හරහා කළ පරීක්ෂාවේදී ද එය AI නිර්මාණයක් බව තවදුරටත් සනාථ විය.

ඒ අනුව, පෙර පුහුණුවීම් සඳහා කොළඹට පැමිණ සිටින ෂාරුක් ඛාන් ලෙස හුවමාරු වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

Related Content

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection