Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

False
False

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (11 වැනිදා) නුවරඑළියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ඔහු තේ දලු නෙලන කූඩයක් පිටේ බැඳගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.

by Anonymous |

පෙබරවාරි 16, 2026

මෙම ඡායාරූපය ෆේස්බුක් (Facebook) පරිශීලකයින් රැසක් විසින් හුවමාරු කරගෙන තිබූ අතර, ඒ සඳහා විවිධ දේශපාලනික විවේචන මෙන්ම උපහාසාත්මක සටහන් ද එක් කර තිබුණි. කෙසේ වෙතත්, මේ පිළිබඳව FactSeeker කළ විමර්ශනයේදී තහවුරු වූයේ මෙය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විකෘති කරන ලද (Manipulated) ඡායාරූපයක් බවයි.

කරුණු පැහැදිලි කිරීම

පසුගිය බදාදා (11) පස්වරුවේ නුවරඑළියේ පැවැති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ “මුළු රටම එකට” ජාතික ක්‍රියාන්විතයේ මධ්‍යම පළාත් වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නුවරඑළියේ සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ වතු කම්කරුවන් මුණගැසී ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහද සාකච්ඡාවක නිරත විය. එම අවස්ථාවේදී ලබාගත්  ඡායාරූපයක් AI තාක්ෂණය උපයෝගී කරගනිමින් විකෘති කර, ජනාධිපතිවරයා තේ දලු නෙලන කූඩයක් පැළඳ සිටින ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

නිල මූලාශ්‍ර: ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් මෙම සංචාරයේ නිල ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, එහි ජනාධිපතිවරයා කම්කරුවන් සමඟ සුහදව කතාබස් කරන අයුරු දැක්වෙන නමුත් ඔහු කිසිදු අවස්ථාවක තේ දලු නෙලන කූඩයක් රැගෙන නොයන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ඡායාරූප මෙතැනින් : https://drive.google.com/drive/folders/1jG3P1_0q_ZAkP1o1qo1RlTM0rqjzTr9Y?usp=sharing

මාධ්‍ය වාර්තා: ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක්ම මෙම අවස්ථාව වාර්තා කර තිබූ අතර, ඒවායේ පළ වූ දර්ශන ද සමාජ මාධ්‍යවල පළ වන අසත්‍ය ඡායාරූපයට පටහැනි වේ.

වීඩියෝ දර්ශන: ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද ජනාධිපතිවරයාගේ නුවරඑළිය සංචාරයට අදාළ නිල වීඩියෝව මෙතැනින් නැරඹිය හැකිය:

මෙතැනින් : https://drive.google.com/file/d/1zv26u277ZSRwpKZ2ETEO2wGIF1ZbVfrm/view?usp=sharing

නිගමනය :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේ දලු නෙලන කූඩයක් රැගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය, සැබෑ ඡායාරූපයක් විකෘති කර සකස් කරන ලද (Morphed) අසත්‍ය ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection