Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

False
False

ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග පැවිදි දිවියට ඇතුළත් වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් හුවමාරු විය.

by Anonymous |

ජූලි 7, 2026

රූප රාමු දෙකක් එකතු කර නිර්මාණය කර ඇති මෙම පොස්ටුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල තුල වේගයෙන් සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

• වම් රාමුවේ දැක්වෙන්නේ ශිහාන් මිහිරංග සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටින ආකාරයයි.
• දකුණු රාමුවේ දැක්වෙන්නේ ඔහු චීවරය හැඳගත් බෞද්ධ භික්ෂුවකගේ රූපයකි.

ශිහාන් මිහිරංග මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඉහළ ජනාදරයට පාත්‍ර වී තිබීම නිසා මෙම පෝස්ටුව ඉතාමත් වේගයෙන් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින්ගේ ආකර්ෂණය ලබා ගෙන ඇති අතර එයට අදහස් පළකිරීම් සහ බෙදා ගැනීම් කර ඇති බව නිරීක්ෂණය විය.

එම නිසා FactSeeker කරුණු පරීක්ෂාවට ලක් කළේය.

FactSeeker අපි ප්‍රථමයෙන්ම ශිහාන් මිහිරංගගේ Facebook ගිණුම පරීක්ෂ කළෙමු.

නිරීක්ෂණය:

මෙහිදී ශිහාන් මිහිරංගගේ නිල Facebook පිටුව අඛණ්ඩව ක්‍රියාකාරීව පවතින බව නිරීක්ෂණය වූ අතර, දෛනිකවද පොදු යාවත්කාලීන කිරීම් වලට භාජනය වෙමින් පවතින බව දැක ගන්නට ලැබිණි.

තව ද මෑත කාලීන බෙදා හරින ලද මාධ්‍ය නිවේදන තවදුරටත් පරීක්ෂා කිරීමෙන් තහවුරු වූයේ ඔහු සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී ගායකයෙකු ලෙස තවමත් ක්‍රියා කරන බවයි.

නිශ්චිත සාක්ෂි:
එමෙන්ම ශිහාන් මිහිරංග ලබන ජූලි 10 වන දින මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන “මිහිරාවියේ ලැන්ටර්න් කොන්සර්ට් ෆෙස්ටිවල් ” සංගීත ප්‍රසංගය සදහාද ඔහු සහභාගී වීමට නියමිත බව ඔහුගේ නිල ගිණුමේ යාවත්කාලින කිරීම් තුලින් දැක ගත හැකි විය.

මීට අමතරව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තවත් ප්‍රසංගයන් පිලිබදව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව තුලින් රසික රසිකාවියන්ට යාවත්කාලින කිරීම් කර ඇත.
සවිස්තරාත්මක දත්ත සහ ඔහුගේ යාවත්කිරීම් සොයා බැලීම් මත පදනම්ව, ශිහාන් මිහිරංග බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදි වී ඇති බවට බෙදාහැර තිබූ සමාජ මාධ්‍ය පොස්ටු සහ ඒ ආශ්‍රිත පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection