Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

හරීන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වුණාද?

False
False

සංචාරක ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට යොමුකර ඇති බවට සඳහන් ලිපියක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

මැයි 8, 2024

මෙය සත්‍ය ලිපියක් ද? යන්න පිළිබදව factseeker සොයා බැලීය.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අප්‍රේල් මස 06 වෙනි දින ලෙස සඳහන් කරමින් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව යොමු කර ඇත.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙවැනි ලිපියක් යොමු කළේ ද? යන්න පිළිබදව factseeker අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර එවැනි ලිපියක් ඔහු විසින් පළ කර නොතිබිණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කර ඇතිද යන්න පිළිබඳව සොයා බැලු අතර එවැනි පුවතක් එම මාධ්‍ය ද වාර්තා කර නොමැති බව factseeker නිරීක්ෂණය කළේය.

හුවමාරු වන අදාළ ලිපිය සම්බන්ධයෙන් factseeker හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේ , තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස් නොවූ බවයි.

මේ සම්බන්ධයෙන් factseeker ජනාධිපති කාර්යාලයෙන් විමසීමේදී එවැනි ලිපියක් යොමුවී නොමැති බව ද ඔවුන්ද සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් යොමුකර ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection