Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

සුනිල් හදුන්නෙත්ති බීමතින් රිය අනතුරකට ලක් වුණා ද?

False
False

ජාතික ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා රිය අනතුරකට ලක්ව ඇති බවට සඳහන් පුවතක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙමින් පැවතිණි.

by Anonymous |

පෙබරවාරි 26, 2024

“ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල සුනිල් හදුන්නෙත්ති රිය අනතුරක. බීමත්ව සිටි බවට තොරතුරු.” යනුවෙන් සඳහන් සිරස නිවුස් ෆස්ට් 2024.02.20 දින පළකළ බවට සඳහන් පුවතක් මෙලෙස හුවමාරු වන අතර බොහෝ දෙනා එය සත්‍ය බව පිළිගෙන හුවමාරු කර ගෙන තිබුණි.

එම නිසා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට factseeker කටයුතු කළේය.

නිවුස් ෆස්ට් එවැනි පුවතක් පළ කළා ද?

මෙය නිවුස් ෆස්ට් පුවතකට බොහෝ සෙයින් සමාන ආකාරයෙන් සකසා ඇති බැවින් මෙවැනි පුවතක් නිවුස්ෆස්ට් ( සිරස මාධ්‍ය ජාලය) විසින් පළකර ඇතිද යන්න සොයා බැලීමට news first ෆේස්බුක් පිටුව සහ වෙබ් අඩවිය නිරීක්ෂණය කළ ද 2024 පෙබරවාරි 20 දා එවැනි පුවතක් පළ කර ඇති බවට තොරතුරු හමු නොවුණි. එමෙන්ම මේ පිළිබඳව එම ප්‍රවෘත්ති අංශයෙන් විමසීම් කළ විට එවැනි පුවතක් පළකර නැති බව ඔවුන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතා‌ගෙන් කළ විමසීමේදී  තමා එවැනි රිය අනතුරකට ලක් නොවූ බවත් එම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් තමා හොදින් සිටින බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව සුනිල් හදුන්නෙත්ති රිය අනතුරක යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත අසත්‍ය බව factseeker තහවුරු කරයි.

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection