Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

සජිත් ජනපති වුණොත් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුවීම සැක සහිත බව කාදිනල් හිමියන් පැවසුවාද?

False
False

මෙවර ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවේ දැයි සැක සහිත බවට මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ප්‍රකාශ කළ බව දැක්වෙන පුවතක් සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

සැප්තැම්බර් 17, 2024

මෙම ප්‍රවෘත්තිය A5 News Sri Lanka අඩවිය විසින් පළකර ඇති බව සඳහන් කර ඇත.

මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී තිබු බැවින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීමට factseeker කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍යයේ පළවීමක් සිදුව ඇති දැයි මුලින්ම සොයා බැලු අතර එවැනි පළකිරීමක් සිදුව නොමැති බව factseeker තහවුරු කරගත්තේය.

මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවේදැයි විමසමින් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අගරදගුරු මැල්කම් රංජිත් හිමි වෙත ලිපියක් යොමුකර ඇත.

පොලිස්පති ධුරය දැරීමට දේශබන්දු තෙන්නකෝන් නුසුදුස්සෙකු ලෙස කරුණු දක්වමින් අගරදගුරු හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබූ බවත් ඊට අදාළ කරුණු අතර දේශබන්දු තෙන්නකෝන් යන අය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු වීම යන කරුණාද ඇතුළත් වූ බවද පවසා ඔහු සිය ලිපිය කාදිනල් හිමියන්ට යොමුකර ඇත.

කෙසේවෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී එහි අන්තර්ගත කරුණුවල අදහස  වෙනස් කර වාර්තා කර ඇති බව පැහැදිළි වෙයි.

factseeker මේ සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ පාර්ශවයෙන් විමසා බැලූ අතර කාදිනල් හිමියෝ මෙවැනි ප්‍රකාශයක් කර නැති බවත් එය කාදිනල් හිමියන් වෙත එවූ ලිපියක් පමණක් බවත් අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවේදැයි සැකසහිත බවට ප්‍රකාශයක්  කාදිනල් හිමියෝ කර නැති බව factseeker තහවුරු කරයි.

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection