Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ශාරුක් ඛාන් බලන්න රුපියල් විසිදහසක ප්‍රවේශ පතක් නිකුත් කළා ද?

False
False

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් දැක ගැනීමට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කෙරෙන බව සඳහන් ප්‍රවේශපත්‍රය ව්‍යාජ එකක් බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූලි 7, 2025

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් මෙරට දැවැන්ත ආයෝජනයකින් ඇරඹෙන City of Dreams හි අවසන් අදියර විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතය. එය City of Dreams ‌‌‌‌ෆේස් බුක් පිටුව මගින් නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ සඳහා සහභාගි වන බොලිවුඩ් නළු ශාරුක් ඛාන් දැක ගැනීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බව දක්වන පෝස්ටුවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

මෙම පෝස්ටුවල දැක්වෙන ආකාරයට ශාරුක් ඛාන්ගේ රුව ද ඇතුළත් මෙම ප්‍රවේශපත් රු.20 000ක මුදලකට ලබාගත හැකි බව දක්වා ඇත. කෙසේ වෙතත් මෙම ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඇතැම් අක්ෂරයන් හා වචන නිවැරදි නොවන බව පෙනෙන්නට තිබුණි. එසේම එහි ඇතුළත් ශාරුක් ඛාන්ගේ රුවෙහි ද පැහැදිලි බවක් නොපෙනුනි. මෙම හේතූන් නිසා මේ පිළිබදව නිල වශයෙන් කළ පළකිරීමක් ඇත් ද? යන්න FactSeeker සොයා බැලීය.

ඒ අනුව City of Dreams ජාලය විසින් ඒ පිළිබදව පළ කර තිබූ නිල නිවේදනයක් Fact Seeker ට හමුවිය. එහි සඳහන් කර තිබුණේ, හුවමාරු වන මෙම පෝස්ටුව ව්‍යාජ ලෙසින් සකස් කරන ලද්දක් බවයි.

එම විවෘත කිරීමේ උත්සවයට සීමිත ආරාධිතයින් පිරිසක් පමණක් සහභාගී වන බවත් තෙවන පාර්ශවයකට ඒ සඳහා සම්බන්ධ වීමට අවස්ථාවක් නොමැති බවත් එම නිවේදනය මගින් දැනුම් දී ඇත. එමෙන්ම මෙවැනි පළකිරීම්වලට හසුනොවන ලෙස ද වැඩිදුරටත් දක්වා තිබුණි.

ඒ අනුව සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් දැක ගැනීමට රුපියල් 20 000 ක මුදලකට අලෙවි කෙරෙන බව සඳහන් ප්‍රවේශපත ව්‍යාජ එකක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection