Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

False
False

ශ්‍රී ලංකා පොලීසිය සහ නේපාල ආරක්ෂක අංශ එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සිදුකළ පුකාශයක් FactSeeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 20, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකකාරියක වී සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙරට ආරක්ෂක අංශ වෙතින් පලාගොස් නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ රැදී සිටියදී පසුගියදා විශේෂ මෙහෙයුමකින් මෙරට ආරක්ෂක අංශ අත්ඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිසේ කතාබහට ලක්වූ අතර ප්‍රබල දේශපාලඥයන්ගේ අදහස්ද මේ අතර හුවමාරු වී තිබුණි.

ඒ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් විසින් සිදුකලා යැයි පැවසෙන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

“සෙව්වන්දි ඇල්ලුවා කියල ජනතාවට ලැබෙන දෙයක් නෑ ” යනුවෙන් සඳහන් වන මෙම පෝස්ටුව මෙරට ප්‍රධාන නාලිකාවක නිල සංකේත යොදා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු නිල සටහනක් හෝ පුවතක් පලවී නොතිබුණු බව FactSeeker හට නිරීක්ෂණය විය.

තවදුරටත් සොයා බැලීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මේ වනවිට මෙරට රැඳී නොසිටින බව අනාවරණය විය. ඒ 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමටය. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු සභිකයින් කිහිප දෙනෙකු සමඟ ඔහු බටහිර ඉන්දීය දූපත් හි බාබඩෝස් දිවයිනෙහි රැදී සිටියි.

තවදුරටත් මේ සම්බන්ධව කළ සොයාබැලීම් වලදී ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර ඇති බව අනාවරණය විය.

https://www.facebook.com/share/v/1FDbXXmmEv/

තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් තමා මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට බාබඩෝස් බලා පිටත්ව ගොස් එහි රැඳී සිටින බවත් සංසරණය වන එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවද ඔහු විසින් පැහැදිලි කරයි.

එමෙන්ම ඔහුගේ facebook ගිණුම හරහාද මේ සමබන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකර තිබුණි.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නැමත්තිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මුජිබර් රහමාන් විසින් සිදුකළ බව දක්වන ප්‍රකාශය සාවද්‍ය බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection