Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake
  • #misleading

බැරක් ඔබාමා හොර රහසේම ලංකාවට පැමිණියාද?

False
False

හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ලංකාවට පැමිණි බවට සඳහන් වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් පවතින බව Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

දෙසැම්බර් 31, 2023

බැරුක් ඔබාමා මහතා මාර්ගය අසල ඇති කුරුම්බා අලෙවි කරන ස්ථානයක් අසල සිට කුරුම්බා ගෙඩියක් පානය කරන අයුරු එම ඡායාරූපයේ දැක්වේ. බැලු බැල්මට එම ඡායාරූපයේ පසුබිම ලංකාවේ පරිසරයට සමාන බවක් පෙන්වයි.

“කවුරුත් දන්නේ නැහැ එයා ඇවිත් ගිහින්” ලෙස සටහනක් සමඟින් එම ඡායාරූපය සමාජ මාධ්‍යයේ හුවමාරු කර ගෙන ඇත.

හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ලංකාවට පැමිණි බවට ලංකා රජයෙන් ප්‍රකාශයක් සිදුකර නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට Factseeker  ඔබාමාගේ නිල සමාජ ගිණුම් පරීක්ෂා කළ අතර එවැනි කිසිදු සඳහනක් එම සමාජ මාධ්‍ය ගිණුම්වල අන්තර්ගත කර නොතිබුණි.

මේ හේතුවෙන් අදාළ ඡායාරූප Google reverse image search හරහා සොයා බැලුවිට එම ඡායරූප බැරැක් ඔබාමා මහතා 2017 වසරේ ඉන්දුනීසියාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවේදී ගත් ඡායාරූප බව තහවුරු විය.  ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ඔබමා පවුලේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලද එය පළකර තිබේ.

ඒ අනුව බැරක් ඔබාමා හොර රහසේම ලංකාවට පැමිණි බවට සඳහන් වෙමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection