Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පෝස්ටරය, පොදුජන පෙරමුණේ ද?

Factual
Factual

මීට දින කිහිපයකට පෙර ආරංචිය සුබයි යනුවෙන් රටපුරා පෝස්ටර් ව්‍යාපාරයක් සමග ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක වුණි.

by Anonymous |

ජූනි 28, 2024

“ආරංචිය සුබයි” යනුවෙන් සඳහන් පෝස්ටර් සමාජ මාධ්‍ය තුළද ප්‍රසිද්ධ මාධ්‍යය තුළද ප්‍රචාරය වු අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට අදාළ වන පරිදි විවිධ පොස්ට් හුවමාරු වු බැවින් මේ පිළිබඳව සොයාබැලීමට factseeker කටයුතු කළේය.

මෙය දේශපාලනයට සම්බන්ධ ප්‍රචාරක වැඩසටහනක් ද? නැතිනම් වෙනත් ප්‍රචාරණය් ද? යන්න පිළිබදව ජනතාවට මහත් කුතුහලයක් ඇති වුණි. ඒ හා සම්බන්ධ විවිධ ප්‍රචාරයන් සමාජ මාධ්‍ය හරහා මෙන්ම දේශපාලනඥයින් ද විවිධ ප්‍රකාශ ඉදිරිපත් කිරීම නිසා මෙය දේශපාලන ප්‍රචාරක වැඩසටහනක් බව තහවුරු විය.

මේ අතර තුරදී මෙම ආරංචිය සුබයි යන ප්‍රචාරක වැඩසටහන සම්බන්ධයෙන් විවිධ අහස් පළ කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ටු හුවමාරු විණි. ” ආරංචිය සුබයි. රනිල් – රවි මහබැංකු මංකොල්ලයට අවුරුදු 9යි. සුබ මොහොතකට කිරිබත් සූදානමින්”

“බංකොලොත් වෙනකොට ඩො.බි.71 යි. දැන් ණය ඩො.බි 100 යි. එන්න අපි කිරිබත් කාලම රතිඤ්ඤා පත්තු කරමු. ආරංචිය සුබයි. යනුවෙන් මෙම ප්‍රචාරක ව්‍යාපාරයට විවිධ අර්ථකතන දෙන පෝස්ටු Factseeker නිරීක්ෂණය කළේ ය. මේ සදහා දෙමළ මාධ්‍යයෙන් ද විවිධ අදහස් පළ කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 26 දා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මේ අතර තුරදීය.

මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂය සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් විමසීමේදී සඳහන් කළේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ට එළැඹීමට හැකිවීමත් සමඟ එම පණිවිඩය ජනතාව හමුවේ තැබීම සදහා ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සමඟාමීව මෙම පොස්ටරය ජනගත කළ බවයි.  ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසු දින සිට “මේ වෙලාවේ රනිල් තමයි” යනුවෙන් පෝස්ටරයක් ජනගත කර තිබුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ ඉහත සමාජ මාධ්‍ය පෝස්ටු ජනතාව නොමග යවන පෝස්ටු බව Factseeker තහවුරු කරයි.

මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) අපේක්ෂකයෙකු නම්කර ඇති බවට දැක්වෙන පොස්ටරයක් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර ඇති බව නිරීක්ෂණය විය.

“ආරංචිය සුබයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” යනුවෙන් එහි සඳහන්ව තිබුණි.

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් යනුවෙන් සඳහන් පෝස්ටරය පිළිබඳව පොදුජන පෙරමුණේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගෙන් විමසීමේදි හෙතෙම පැවසුයේ ,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂයා පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.  තමන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස එය වගකීමෙන් ප්‍රකාශ කරන බව සදහන් කළේය.

ඒ අනුව “ආරංචිය සුබයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” යනුවෙන් සඳහන් පොස්ටරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රචාරය කළ පෝස්ටරයක් නොවන බව factseeker තහවුරු  කරයි

 

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection