Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

False
False

ලොව ප්‍රකට සටන් නලුවකු වන ජැකි චෑන් මිය ගිය බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය පුරා සංසරණය වන විවිධ පලකිරීම් කිහිපයක් හඳුනාගැනීමට Fact Seeker ට හැකි විය.

by Anonymous |

අගෝස්තු 5, 2025

මෙම පළකිරීම්වල වැඩිදුරටත් දැක් වෙන්නේ “කණගාටුදායක පුවතක්: මිනිත්තු 15 කට පෙර බීජිංහි ඇති වූ දැවැන්ත ගංවතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. වඩාත් හද කම්පා කරවන කරුණ නම්, ඔවුන්ගෙන් එක් අයෙක් 2016 ජනප්‍රිය ඔස්කාර් සම්මානලාභී ජැකී චෑන් ය.” යනුවෙනි.


මෙම පලකිරීම් පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමේ දී බීජිං අගනුවර සිදුවූ ගංවතුර තත්වයක් හේතුවෙන් ජැකි චෑන් ගේ අභාවය සිදු වූයේ ද යන්න පිළිබඳ කිසිඳු පුවතක්, පිළිගත හැකි කිසිදු අන්තර් ජාතික ප්‍රවෘත්ති මූලාශ්‍රයක පළ වී නොමැති බව අපට නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව මෙම පළ කිරීම අසත්‍ය ප්‍රචාරයක් බවට තහවුරු විය.

නමුත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙය සත්‍ය පළ කිරීමක් බවට විශ්වාස කර ඇති බව එම පළකිරීම් හි අදහස් දැක්වීම් තීරය (Comment Section) නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේය.


එසේම අදාළ පලකිරීම සමඟ අමුණා ඇති ඡායාරූප ද සත්‍ය ඡායාරූප නොවන බවත්, ඒවා බොහාමයක් කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence) යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කරන ලද ඒවා බවත් Fact Seeker හඳුනාගන්නා ලදී.

මේ අනුව ජැකී චෑන් මිය ගිය බවට පළ වන පුවත් සියල්ල අසත්‍ය ප්‍රචාරයන් වන බවත් එම පළ කිරීම් සමඟ ඇති ඡායාරූප AI ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවත් Fact Seeker තහවුරු කරයි.

Latest updates

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection