Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජාතික ජන බලවේගයට එරෙහි මඩ ප්‍රචාරවලට දුරකතන අංකයක් ?

False
False

මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්” යනුවෙන් සිරස්තලය සහිතව ජාතික ජන බලවේගයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු විය.

by Anonymous |

සැප්තැම්බර් 9, 2024

මාධ්‍ය ප්‍රධානීන්ට හා කතුවරුන්ට යොමු කර ඇති මෙම ලිපියට ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයකුගේ නම, අත්සන ද යොදා තිබේ. කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීමට factseeker කටයුතු කළේය.

මාලිමාව ඉලක්ක කර මඩ ප්‍රචාර පතුරවන පුද්ගලයන් පිළිබඳව තොරතුරු, ලිපියේ සඳහන් කර ඇති දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලමින් දුරකතන අංක ද මෙම ලිපියේ සඳහන් කර ඇත.

මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල එය හුවමාරු වුව ද ලිපියේ සඳහන් කර ඇත්තේ 2022 වර්ෂයේ දිනයකි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මෙම ලිපියට අත්සන් තබා ඇති බව සඳහන් කර තිබේ.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයාගෙන් විමසීමේදී  හෙතෙම පැවසුවේ, මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් බවයි. මෙහි සදහන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කළේ, 2023 වර්ෂයේ බව ද හෙතෙම අනාවරණය කළේ ය.

ජාතික ජන බලවේගයෙන් එවැනි ලිපියක් නිකුත් නොකළ බව ද මෙය අසත්‍ය ප්‍රචාරයක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව “මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්” යනුවෙන් හුවමාරු වන ලිපිය අසත්‍ය බව factseeker  තහවුරු කරයි.

Latest updates

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection