Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ගැඹුරු මුහුදේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාව AI නිර්මාණයක්

False
False

ශිව දෙවියන්ගේ උඩුකය සහිත පිළිමයක් ගැඹුරු මුහුදේ පවතින බව දැක්වෙන වීඩියෝවක් මේ දිනවල X සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

by Anonymous |

දෙසැම්බර් 17, 2024

ඒ “අකාලික සනාත ධර්මයට මහ සයුර හිස නමා..” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව සංසරණය වෙයි.

ශිව දෙවියන්ගේ මෙවැනි ප්‍රතිමාවක් සහිත ස්ථානයක් පවතීද යන්න පිළිබඳ Fact Seeker නිරීක්ෂණය කරනු ලැබීය. නමුත් කිසිදු ආකාරයකින් අන්තර්ජාලයේ එවැනි ස්ථානයක් සම්බන්ධ තොරතුරු නොපවතින බව Fact Seeker හඳුනාගන්නා ලඳී.

මේ අනුව මෙම වීඩියෝව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පරීක්ෂා කළ අතර එම වීඩියෝව කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය  කරන ලද බව සඳහන් කරමින් @poongodiSugandh නැමති  X ගිණුමෙහි පළ කර තිබුණි.

නමුත් මෙය සත්‍ය යැයි පිළිගන්නා පුද්ගලයින් සිටින බව එම වීඩියෝවේ අදහස් දැක්වීම් තීරය (Comments) නිරීක්ෂණය කිරීමේදී හඳුනා ගැනීමට හැකි විය.

මීට අමතරව මෙම වීඩියෝවේ ලක්ෂණවලට සමානව මුහුද පතුලේ ඇති බුද්ධ ප්‍රතිමාවක ඡායාරූපයක් Fact Seeker හඳුනාගත් අතර, එම රූපය Midjorney නැමති කෘත්‍රීම බුද්ධි මෙවලම උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දක් බව හඳුනා ගැනීමට හැකි විය. මෙම බුද්ධ ප්‍රතිමාව සහිත ඡායාරූපය සහ ඉහත සඳහන් ශිව දෙවියන්ගේ ප්‍රතීමාව සහිත වීඩියෝවේ අඩු වැඩි වශයෙන් වර්ණයන්ගේ සහ ගුණාත්මකභාවයේ සමානකම් ද හඳුනා ගැනීමට හැකි විය. ඒ අනුව වර්තමානයේ කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් ඉතාමත් තාත්වික ලෙස ඡායාරූප සහ වීඩීයෝ නිර්මාණය කළ හැකි බවට නිගමනය කළ හැකිය.

මේ අනුව ගැඹුරු මුහුදේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාව ලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව කෘත්‍රීම බුද්ධි මෙවලම් ඔස්සේ නිර්මාණය කරන ලද විඩියෝවක් බව Fact Seeker තහවුරු කරයි.

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection