ජාතික ජන බලවේගයට එරෙහි මඩ ප්‍රචාරවලට දුරකතන අංකයක් ?
මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්” යනුවෙන් සිරස්තලය සහිතව ජාතික ජන බලවේගයේ ලිපි ශිර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු විය.
by Anonymous |
සැප්තැම්බර් 9, 2024
මාධ්‍ය ප්‍රධානීන්ට හා කතුවරුන්ට යොමු කර ඇති මෙම ලිපියට ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයකුගේ නම, අත්සන ද යොදා තිබේ. කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීමට factseeker කටයුතු කළේය.
මාලිමාව ඉලක්ක කර මඩ ප්‍රචාර පතුරවන පුද්ගලයන් පිළිබඳව තොරතුරු, ලිපියේ සඳහන් කර ඇති දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලමින් දුරකතන අංක ද මෙම ලිපියේ සඳහන් කර ඇත.
මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල එය හුවමාරු වුව ද ලිපියේ සඳහන් කර ඇත්තේ 2022 වර්ෂයේ දිනයකි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මෙම ලිපියට අත්සන් තබා ඇති බව සඳහන් කර තිබේ.
මෙම ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ, මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් බවයි. මෙහි සදහන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කළේ, 2023 වර්ෂයේ බව ද හෙතෙම අනාවරණය කළේ ය.
ජාතික ජන බලවේගයෙන් එවැනි ලිපියක් නිකුත් නොකළ බව ද මෙය අසත්‍ය ප්‍රචාරයක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඒ අනුව “මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබා දීමට නව දුරකථන අංකයක්” යනුවෙන් හුවමාරු වන ලිපිය අසත්‍ය බව factseeker තහවුරු කරයි.