Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

හරීන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වුණාද?

False
False

සංචාරක ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට යොමුකර ඇති බවට සඳහන් ලිපියක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

මැයි 8, 2024

මෙය සත්‍ය ලිපියක් ද? යන්න පිළිබදව factseeker සොයා බැලීය.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අප්‍රේල් මස 06 වෙනි දින ලෙස සඳහන් කරමින් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව යොමු කර ඇත.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙවැනි ලිපියක් යොමු කළේ ද? යන්න පිළිබදව factseeker අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර එවැනි ලිපියක් ඔහු විසින් පළ කර නොතිබිණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කර ඇතිද යන්න පිළිබඳව සොයා බැලු අතර එවැනි පුවතක් එම මාධ්‍ය ද වාර්තා කර නොමැති බව factseeker නිරීක්ෂණය කළේය.

හුවමාරු වන අදාළ ලිපිය සම්බන්ධයෙන් factseeker හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේ , තමා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස් නොවූ බවයි.

මේ සම්බන්ධයෙන් factseeker ජනාධිපති කාර්යාලයෙන් විමසීමේදී එවැනි ලිපියක් යොමුවී නොමැති බව ද ඔවුන්ද සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් යොමුකර ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#fake

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

මැයි 9, 2025

#fake

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

මැයි 8, 2025

#fake

අති උතුම් “පාප්” පදවිය සඳහා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පත්වූ බවට පළ වන පුවත් අසත්‍යයි!

මැයි 7, 2025

#Factchecked

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

Related Content

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

මැයි 9, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් යොදාගෙන ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙළඳ ප්‍රචාරණ වීඩියෝ කිහිපයක්

මැයි 8, 2025

අති උතුම් “පාප්” පදවිය සඳහා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පත්වූ බවට පළ වන පුවත් අසත්‍යයි!

මැයි 7, 2025

විදේශිකයින් රැගත් ජිප් රථ පෙළ ඉදිරියෙන් ගියේ කළු කොටියෙක් ද?

අප්‍රේල් 30, 2025

කාදිනල් හිමිගේ නම ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට වතිකානුව තීරණය කර නැහැ

අප්‍රේල් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection