මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ශ්‍රී ලංකා පොලීසිය සහ නේපාල ආරක්ෂක අංශ එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සිදුකළ පුකාශයක් FactSeeker හට නිරීක්ෂණය විය.
by Anonymous |
ඔක්තෝබර් 20, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකකාරියක වී සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මෙරට ආරක්ෂක අංශ වෙතින් පලාගොස් නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ රැදී සිටියදී පසුගියදා විශේෂ මෙහෙයුමකින් මෙරට ආරක්ෂක අංශ අත්ඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිසේ කතාබහට ලක්වූ අතර ප්‍රබල දේශපාලඥයන්ගේ අදහස්ද මේ අතර හුවමාරු වී තිබුණි.
ඒ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් විසින් සිදුකලා යැයි පැවසෙන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

“සෙව්වන්දි ඇල්ලුවා කියල ජනතාවට ලැබෙන දෙයක් නෑ ” යනුවෙන් සඳහන් වන මෙම පෝස්ටුව මෙරට ප්‍රධාන නාලිකාවක නිල සංකේත යොදා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු නිල සටහනක් හෝ පුවතක් පලවී නොතිබුණු බව FactSeeker හට නිරීක්ෂණය විය.
තවදුරටත් සොයා බැලීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මේ වනවිට මෙරට රැඳී නොසිටින බව අනාවරණය විය. ඒ 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමටය. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු සභිකයින් කිහිප දෙනෙකු සමඟ ඔහු බටහිර ඉන්දීය දූපත් හි බාබඩෝස් දිවයිනෙහි රැදී සිටියි.
තවදුරටත් මේ සම්බන්ධව කළ සොයාබැලීම් වලදී ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර ඇති බව අනාවරණය විය.
https://www.facebook.com/share/v/1FDbXXmmEv/
තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් තමා මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට බාබඩෝස් බලා පිටත්ව ගොස් එහි රැඳී සිටින බවත් සංසරණය වන එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවද ඔහු විසින් පැහැදිලි කරයි.
එමෙන්ම ඔහුගේ facebook ගිණුම හරහාද මේ සමබන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකර තිබුණි.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නැමත්තිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මුජිබර් රහමාන් විසින් සිදුකළ බව දක්වන ප්‍රකාශය සාවද්‍ය බව FactSeeker තහවුරු කරගන්නා ලදී.