ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

ලොව ප්‍රකට සටන් නලුවකු වන ජැකි චෑන් මිය ගිය බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය පුරා සංසරණය වන විවිධ පලකිරීම් කිහිපයක් හඳුනාගැනීමට Fact Seeker ට හැකි විය.
by Anonymous |
අගෝස්තු 5, 2025

මෙම පළකිරීම්වල වැඩිදුරටත් දැක් වෙන්නේ “කණගාටුදායක පුවතක්: මිනිත්තු 15 කට පෙර බීජිංහි ඇති වූ දැවැන්ත ගංවතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. වඩාත් හද කම්පා කරවන කරුණ නම්, ඔවුන්ගෙන් එක් අයෙක් 2016 ජනප්‍රිය ඔස්කාර් සම්මානලාභී ජැකී චෑන් ය.” යනුවෙනි.
මෙම පලකිරීම් පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමේ දී බීජිං අගනුවර සිදුවූ ගංවතුර තත්වයක් හේතුවෙන් ජැකි චෑන් ගේ අභාවය සිදු වූයේ ද යන්න පිළිබඳ කිසිඳු පුවතක්, පිළිගත හැකි කිසිදු අන්තර් ජාතික ප්‍රවෘත්ති මූලාශ්‍රයක පළ වී නොමැති බව අපට නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව මෙම පළ කිරීම අසත්‍ය ප්‍රචාරයක් බවට තහවුරු විය.
නමුත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙය සත්‍ය පළ කිරීමක් බවට විශ්වාස කර ඇති බව එම පළකිරීම් හි අදහස් දැක්වීම් තීරය (Comment Section) නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේය.
එසේම අදාළ පලකිරීම සමඟ අමුණා ඇති ඡායාරූප ද සත්‍ය ඡායාරූප නොවන බවත්, ඒවා බොහාමයක් කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence) යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කරන ලද ඒවා බවත් Fact Seeker හඳුනාගන්නා ලදී.
මේ අනුව ජැකී චෑන් මිය ගිය බවට පළ වන පුවත් සියල්ල අසත්‍ය ප්‍රචාරයන් වන බවත් එම පළ කිරීම් සමඟ ඇති ඡායාරූප AI ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවත් Fact Seeker තහවුරු කරයි.