Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #AI
  • #fake

වයස 259ක පුද්ගලයෙකුගේ උපන්දින සැමරුම සහිත ඡායාරූපය AI නිර්මාණයක්!

False
False

"සුභ උපන්දිනයක් වේවා සීයේ" සහ "කුහක නොවී අගයමු" යන සටහන් සහිතව වයස අවුරුදු 259 ක පුද්ගලයෙකුගේ උපන්දින සැමරුමක ඡායාරූපයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව හරහා සංසරණය වෙයි.

by Anonymous |

මැයි 23, 2025

බැලූ බැල්මට මෙය විනෝදාස්වාදය සඳහා පළ කරන ලද්දක් බව පෙනුනද, ඇතැම් පරිශීලකයින් මෙය සත්‍ය සිදුවීමක් බවට විශ්වාස කරන බවක් අදහස් පළකිරීම් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි විය.

මේ නිසා මෙම ඡායාරූපයේ සත්‍යාසත්‍යතාවය පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීමේදී සොයා ගත හැකි වූයේ, මෙම ඡායාරූපය AI නිර්මාණයක් බවය.

ඒ අනුව, FactSeeker ලෝකයේ වයස්ගතම පුද්ගලයින් පිළිබඳ තොරතුරු විශ්ලේෂණයක් කළ අතර CNN වෙබ් අඩවියේ 2025 මැයි මස කළ පළ කිරීමකට අනුව දැනට ලොව ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා වන්නේ බ්‍රිතාන්‍ය ජාතික එතෙල් කැටර්හැම් ය. ඇයගේ වයස අවුරුදු 115 යි දින 252 ක් වන බවත් 1913 ට පෙර උපත ලැබූ අවසන් බ්‍රිතාන්‍ය පුද්ගලයා වන බවත් ගිනස් ලෝක වාර්තාවල සඳහන් වේ.

BBC විද්‍යා සගරාව වන “Science Focus” හි දක්වන ආකාරයට 2024 දෙසැම්බර් වන විට ජීවත්ව සිටි වයස්ගතම පුද්ගලයා ජපානයේ ටොමිකෝ ඉටූකා ය. ඇයගේ වයස අවුරුදු 116 ක් වන අතර එය මිනිසෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාවට වඩා බොහෝ සෙයින් වැඩි බව ද එම සඟරාවේ සඳහන් වේ.

වාර්තාගත ඉතිහාසය තුළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජීන් ලුයිස් කැල්මන්ට් නම් කාන්තාව වේ. ප්‍රංශ කාන්තාවක් වන ඇය අවුරුදු 122 යි දින 164 ක් ජීවත් වී ඇත. ඇය 1875 පෙබරවාරි 21 වන දින උපත ලැබූ අතර 1997 අගෝස්තු 4 වන දින වයස අවුරුදු 122 දී මිය ගොස් තිබේ.

වැඩිදුර කියවීම සඳහා පහත සබැඳි වෙත පිවිසෙන්න.
🔗 https://www.cnn.com/2025/05/02/americas/worlds-oldest-person-inah-canabarro-lucas-dies-intl-scli
🔗 https://www.sciencefocus.com/the-human-body/oldest-person-in-the-world

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection