Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ගැඹුරු මුහුදේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාව AI නිර්මාණයක්

False
False

ශිව දෙවියන්ගේ උඩුකය සහිත පිළිමයක් ගැඹුරු මුහුදේ පවතින බව දැක්වෙන වීඩියෝවක් මේ දිනවල X සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.

by Anonymous |

දෙසැම්බර් 17, 2024

ඒ “අකාලික සනාත ධර්මයට මහ සයුර හිස නමා..” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව සංසරණය වෙයි.

ශිව දෙවියන්ගේ මෙවැනි ප්‍රතිමාවක් සහිත ස්ථානයක් පවතීද යන්න පිළිබඳ Fact Seeker නිරීක්ෂණය කරනු ලැබීය. නමුත් කිසිදු ආකාරයකින් අන්තර්ජාලයේ එවැනි ස්ථානයක් සම්බන්ධ තොරතුරු නොපවතින බව Fact Seeker හඳුනාගන්නා ලඳී.

මේ අනුව මෙම වීඩියෝව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පරීක්ෂා කළ අතර එම වීඩියෝව කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය  කරන ලද බව සඳහන් කරමින් @poongodiSugandh නැමති  X ගිණුමෙහි පළ කර තිබුණි.

නමුත් මෙය සත්‍ය යැයි පිළිගන්නා පුද්ගලයින් සිටින බව එම වීඩියෝවේ අදහස් දැක්වීම් තීරය (Comments) නිරීක්ෂණය කිරීමේදී හඳුනා ගැනීමට හැකි විය.

මීට අමතරව මෙම වීඩියෝවේ ලක්ෂණවලට සමානව මුහුද පතුලේ ඇති බුද්ධ ප්‍රතිමාවක ඡායාරූපයක් Fact Seeker හඳුනාගත් අතර, එම රූපය Midjorney නැමති කෘත්‍රීම බුද්ධි මෙවලම උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දක් බව හඳුනා ගැනීමට හැකි විය. මෙම බුද්ධ ප්‍රතිමාව සහිත ඡායාරූපය සහ ඉහත සඳහන් ශිව දෙවියන්ගේ ප්‍රතීමාව සහිත වීඩියෝවේ අඩු වැඩි වශයෙන් වර්ණයන්ගේ සහ ගුණාත්මකභාවයේ සමානකම් ද හඳුනා ගැනීමට හැකි විය. ඒ අනුව වර්තමානයේ කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් ඉතාමත් තාත්වික ලෙස ඡායාරූප සහ වීඩීයෝ නිර්මාණය කළ හැකි බවට නිගමනය කළ හැකිය.

මේ අනුව ගැඹුරු මුහුදේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාව ලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව කෘත්‍රීම බුද්ධි මෙවලම් ඔස්සේ නිර්මාණය කරන ලද විඩියෝවක් බව Fact Seeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

අගෝස්තු 5, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection