බ්‍රාහ්මණ නෙළුම් නමින් නෙළුම් විශේෂයක් තිබේද?

බ්‍රාහ්මණ නෙළුම් ලෙස හඳුන්වමින් සාමන්‍ය නෙළුම් මලට සමාන මල් වර්ගයක ජායාරූප පෙළක් ෆේස්බුක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍යවල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
සැප්තැම්බර් 10, 2024

මෙලෙස හුවමාරු වන මල කන්දක හටගත් ශාකයක පිපී ඇති බවක් දිස්වෙයි.
මේ සම්බනධයෙන් වන පෝස්ටු සමාජ මාධ්‍ය වේදිකාවල සීග්‍රයෙන් සංසරණය වීම නිසා FactSeeker ඒ පිළිබඳ සොයා බැලුවෙමු. අපි මුලින්ම විමසා බැලුවේ ̒බ්‍රාහ්මණ නෙළුම් නමින් මලක් තිබෙන්නේ ද? යන්න පිළිබඳව ය.
FactSeeker ඒ පිළිබඳ දැන ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා ලුමාලි බණ්ඩාරගෙන් විමසීමක් කළේ ය. එහිදී ඇය සඳහන් කළේ, මේ වන විට ‘බ්‍රාහ්මණ නෙළුම්’ නමින් කිසිදු ශාක විශේෂයක් හෝ මල් විශේෂයක් පිළිබඳ කිසිදු පර්යේෂණයක් කර නොමැති බවත් මෙය Ai හරහා නිර්මාණය කරනු ලැබූවක් බවත් ය.
̒බ්‍රාහ්මණ නෙළුම් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු සනාථ කර ගැනීම සදහා FactSeeker කැලණි විශ්වවිද්‍යාලයේ ශාක සහ අනුක ජීව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංගනී සේනානායකගෙන් ද විමසීමක් කළේ ය.
එහිදී ඇය පැවසුවේ එවැනි ශාකයක් පිළිබඳ මෙතෙක් විද්‍යාත්මක තහවුරු කර ගැනීමක් සිදු වී නැති බවයි. එමෙන්ම නෙළුම් හෙවත් Nelumbo Nucifera යනු ජලජ ශාක විශේෂයක් වන බැවින් එය කිසිදු විටක ජලයෙන් පිටත උපස්ථරයක් මත වර්ධනය වීමට ඉඩක් නැති බව මහාචාර්ය ප්‍රියංගනී සේනානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
පෙරදිග බෞද්ධ, හින්දු ආගමික සහ චීන විශ්වාසයන් තුළ මෙම බ්‍රාහ්මණ නෙළුම් හෙවත් Mystical rock lotus විපත්වලට ඔරොත්තු දීම, පාරිශුද්ධ භාවය, සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සලකනු ලැබේ. නමුත් විද්‍යාත්මක පසුබිමක් තුළ මෙවැනි ශාකයක් පිළිබඳ තහවුරු කරගැනීමක් තවමත් සිදුවී නැති බව ඒ පිළිබඳව අන්තර්ජාලය තුළ කළ සොයා බැලීමේදී අනාවරණය විය.
මෙය ආගමික විශ්වාසයන් තුළ Brahmin Lotus ලෙස හඳුන්වන අතර බටහිර රටවල මෙය හඳුන්වන්නේ, Mythical Rock Lotus නමිනි.
ඒ අනුව බ්‍රාහ්මණ නෙළුම් ලෙස හදුන්වමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන නෙළුම් මල්වලට සමාන ඡායාරූප AI හරහා කළ නිර්මාණයක් බවට FactSeeker තහවුරු කරයි.