මැතිවරණ කොමිසමට නව බඳවා ගැනීම් ගැන පළවන පුවත් අසත්‍යයි.
ඉදිරි මැතිවරණය හේතුවෙන් පවතින පුරප්පාඩු සදහා නව කාර්ය මණ්ඩල බදවා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇති බව සදහන් කරමින් සමාජ මාධ්‍ය හා WhatsApp කණ්ඩායම්වල සටහනක් හුවමාරු වෙමින් පවතී.
by Anonymous |
අගෝස්තු 9, 2024
හුවමාරු වන මෙම නිවේදනය සත්‍ය ද? යන්න පිළිබදව Factseeker සොයා බැලුවෙමු.
එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මෙසේ නිවේදනය කර ඇති ද? යන්න පිළිබදව සොයා බැලූ අතර එවැනි නිවේදනයක් නිකුත් කර නැති බව නිරීක්ෂණය විය.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සදහා නව නිලධාරි මණ්ඩලයක් බදවා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක් එම වෙබි අඩවියේ පළ කර තිබිණි.
නිවැරදි සහ සත්‍ය පුවත් දැනගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වන ලෙස ද එම නිවේදනයෙන් උපදෙස් දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සඳහා, නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව Factseeker තහවුරු කරයි.