අමුමිරිස්වලින් නිර්මාණයක් කළ අත්තම්මා කවුද?

තඹුත්තේගම කාන්තාවක් අමු මිරිස්වලින් කළ නිර්මාණයක් බව සදහන් කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වන ඡායාරූපයක් factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ජූනි 27, 2024

මෙය තඹුත්තේගම සිදු වූවක් බව පිරිසක් සදහන් කර ඇති අතර තවත් පිරිසක් සදහන් කර තිබුණේ, මෙය බදුල්ලේ සිදුවූවක් බවයි.
මෙසේ හුවමාරුවන පෝස්ට්තුළ සඳහන්ව ඇත්තේ මෙසේය
“පිට රටක කියලද හිතුවේ මේ ලංකාවේ බදුල්ලේ අත්තම්මා කෙනෙක්. එයා එයාගේ පලවෙනි අමුමිරිස් අස්වැන්නෙන් මේ නිර්මාණය කරේ හෙලුවැලිදේවල් අගය කරත් මේක අගය කරන්න කවුරුත් නැතිවෙයි. කමක් නෑ. අත්තම්මට බුදුසරණයි.”
තඹුත්තේගම සිදුවීමක් බවට සඳහන් වන පොස්ටුවේ මෙසේ සඳහන් වේ,
“තඹුත්තේගම යකඩ ගැහැණිය”
අමුමිරිස් හේනේ අස්වැන්නෙන් මේ වගේ නිර්මාණයක් කරපු තඹුත්තේගම අත්තම්මාගේ හැකියාව අගය කරමු. වයසට නොගිය හැකියාව”
මේ පිළිබඳ factseeker සොයාබැලු අතර බැලු බැල්ලමට මෙය සාමාන්‍ය ඡායාරූපයකට වඩා වෙනස්කමක් ඇති බව නිරීක්ෂණය විය. එමෙන්ම එහි බාහිර පරිසරයේ ද වෙනස්කම් ඇති අතර එය තඹුත්ගේම දුම්රිය ස්ථානය නොවන බව ඒ අනුව නිරීක්ෂණය විය.
මෙය AI තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය නරන ලද්දක් දැයි සොයා බැලු අතර මෙය AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු විය. මෙය Google image search හරහා සොයා බැලීමේදී ඉන්දියාව ඇතුළු වෙනත් රටවල මෙම නිර්මාණයට සමාන නිර්මාණ මීට පෙර සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති බව ද නිරීක්ෂණය විය.
ඒ අනුව මෙය AI තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය නරන ලද්දක් බව factseeker තහවුරු කරයි