දිවයිනේ සියලුම පාසල්වලට හෙට නිවාඩු දිනයක්ද ?

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ හෙට(22දා) සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යයි.
by Anonymous |
මැයි 21, 2024

මෙලෙස පාසල් නිවාඩු දීමට තීරණය කර ඇත්දැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ වීමසීමේදී එය අසත්‍ය බව අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර ඒපිළිබඳ නිවේදනයක්ද නිකුත් කර තිබේ.
“දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.
එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද මෙයින් දැනුම් දෙමු.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව පාසල් නිවාඩු දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව Fact Seeker සඳහන් කරයි.