හරිනි අමරසුරිය අනුරව විචේනය කළාද?

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් එහි නායක අනුර කුමාර දිසානායකට කළ විවේචනයක් සම්බන්ධයෙන් සමාජ මාධය ජාලවල හුවමාරු වූ පෝස්ටුවක් Fact seeker ට නිරීක්ෂණය විය.
by Anonymous |
දෙසැම්බර් 20, 2023
“නායකයාට ඉංග්‍රිසි වචනයක්වත් බැහැ. ජනාධිපති අපේක්ෂකත්වයට තියා පක්ෂ නායකත්වයටවත් සුදුසු නැහැ” යනුවෙන් හරිනි අමරසුරිය පැවැසූ බව එලෙස සංසරණය වූ පෝස්ටුවේ සදහන් කර තිබිණි.
හරිනි අමරසූරිය මෙවැන්නක් ප්‍රකාශ කළේ ද යන්න පිළිබදව Fact seeker හරිනි අමරසූරියගේ සමාජ මාධ්‍ය පිටු සහ අන්තර්ජාලය පිරික්ෂා බැලුව ද ඇය එවැනි ප්‍රකාශයක් කර නැති බව නිරීක්ෂණය විය.
පසුව Fact seeker මේ සම්බන්ධයෙන් හරිනි අමරසුරිය මන්ත්‍රීවරයගෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ මෙය ව්‍යාජ පෝස්ටුවක් බවත් තමන් කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ය.
ඒ අනුව “නායකයාට ඉංග්‍රිසි වචනයක්වත් බැහැ. ජනාධිපති අපේක්ෂකත්වයට තියා පක්ෂ නායකත්වයටවත් සුදුසු නැහැ” යනුවෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වූ පෝස්ටුව ව්‍යාජ බව Fact seeker තහවුරු කරයි.