Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

False
False

ඉන්දියා A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ඇති වූ බව පෙන්වන වීඩියෝව AI තාක්ෂණයෙන් සැකසූ ව්‍යාජ එකකි.

by Anonymous |

ජූනි 17, 2026

ප්‍රකාශය: දඹුල්ලේ දී පසුගිය දා පැවැති තුන්කොන් එක්දින තරඟයෙන් පසුව ඉන්දීය A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම්වල ක්‍රීඩකයන් අතර දරුණු ශාරීරික ගැටුමක් සහ විශාල රණ්ඩුවක් ඇති වූ බව පෙන්වන වීඩියෝවක් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

පසුගිය ජුනි 15 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දියා A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගය නිමාවීමෙන් පසුව, පිටිය මැද ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වීමට පටන් ගත්තේය.

විශේෂයෙන්ම, @Incognitocric නැමති එක්ස් (X) ගිණුමෙන් බෙදා හරින ලද වීඩියෝවක් (@Zoyakhan994 සහ @dpsharm77898585 වැනි ගිණුම් මගින්ද නැවත බෙදා හැර ඇත) මගින් පෙන්වන්නේ දෙරටේම ක්‍රීඩකයන් ක්‍රීඩාංගණය මැද එකිනෙකාට ඉතා දරුණු ලෙස පහර දෙන ආකාරයයි. මෙම තරුණ ක්‍රීඩකයන් තමන්ව පාලනය කර ගත නොහැකිව දරුණු ප්‍රචණ්ඩත්වයක නිරත වූ බව එම වීඩියෝවල සටහන් මගින් චෝදනා කර තිබේ.

කරුණු විමර්ශනය 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව , නිල තරඟ දර්ශන සහ ක්‍රීඩාංගණයේ සිටි මාධ්‍යවේදීන්ගේ වාර්තා සමඟ සංසන්දනය කර බැලීමේදී, ඒවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද (Fabricated) දර්ශන බව තහවුරු විය.

සමාජ මාධ්‍ය ජාල තුළ වැඩි ප්‍රේක්ෂක අවධානයක් (Views) සහ ප්‍රතිචාර (Engagement) ලබා ගැනීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතා කරමින් සහ පැරණි වෙනත් දේශීය තරඟවල ගැටුම් ඇති වු දර්ශන සංස්කරණය කරමින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බව පැහැදිලි විය.

වීඩියෝවේ ඇති AI තාක්ෂණික දෝෂ සහ සාක්ෂි:
මෙම ව්‍යාජ වීඩියෝව දෙස සමීපව බැලීමේදී, එය අසත්‍ය එකක් බව ඔප්පු කරන ස්වභාවික නොවන ලක්ෂණ කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය:

ද්විත්ව රූප දෝෂ :
වෛභව් සූර්යවංශි (Vaibhav Suryavanshi) ක්‍රීඩකයාගේ රූපය එකම දර්ශන රාමුව තුළ විකෘති වී රූප දෙකක් හෝ තුනක් ලෙස දර්ශනය වේ.

අස්වාභාවික චලන : සූර්යවංශි විසින් තවත් ක්‍රීඩකයෙකුව ඉතා පහසුවෙන් ඉහළට ඔසවන ආකාරය දැක්වෙන දර්ශනය, සැබෑ ලෝකයේ සිදුවිය නොහැකි, සම්පූර්ණයෙන්ම අස්වාභාවික එකකි.

ඇනිමේෂන් ස්වභාවය : මෙහි සිටින ක්‍රීඩකයන් සැබෑ මිනිසුන් මෙන් නොව, විකෘති වූ කාටූන් ඇනිමේෂන් රූප (Cartoonish Figures) මෙන් දිස්වේ.

නමුත් සැබවින්ම පිටියේ සිදු වූ සිදුවීම ක්‍රීඩකයන් දෙදෙනෙකුට පමණක් සීමා වූ අතර, එය තත්පර කිහිපයකින් නිමාවට පත් විය.

සැබවින්ම සිදු වූයේ කුමක්ද? 
තරගයේ පන්දුවාර 50 අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගය ‘සුපිරි පන්දුවාරය’ (Super Over) දක්වා ඇදී ගිය අතර, එහිදී ශ්‍රී ලංකා A කණ්ඩායම ජයග්‍රහණය කළේය. තරගය අවසන් වූ වහාම, ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු රකින්නෙකු වූ විෂේන් හැලඹගේ, ඉන්දියාවේ 15 හැවිරිදි තරුණ පිතිකරු වෛභව් සූර්යවංශි වෙත දිව ගොස්, ඔහුව උසුළු විසුළු කරමින් ඉතා ආක්‍රමණශීලී ලෙස ජයග්‍රහණය සැමරුවේය. පරාජයේ කණගාටුවෙන් සහ මෙම හදිසි උකහා ගැනීමෙන් කෝපයට පත් සූර්යවංශි, හලඹගේ දෙසට ගොස් ඔහුව තල්ලු කළේය. වාසනාවකට මෙන්, මෙම සුළු ගැටුම කණ්ඩායම් දෙක අතර විශාල රණ්ඩුවක් දක්වා දුරදිග නොගිය අතර, ඉන්දීය කණ්ඩායමේ සූර්යාන්ෂ් ෂෙඩ්ගේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහාම මැදිහත් වී ඔවුන් දෙදෙනාව වෙන් කළහ. ඉන්පසු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් සුපුරුදු පරිදි එකිනෙකාට අතට අත දී සුබ පතා ගත්හ.

Link ; https://x.com/FactseekerSL/status/2067191536610353575?s=20

නිල විනය ක්‍රියාමාර්ග
මෙලෙස හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ විනය නීති උල්ලංඝනය කිරීමක් බැවින්, තරඟ තීරකවරයා (Match Referee) විසින් වෛභව් සූර්යවංශි සහ විෂේන් හලඹගේ යන ක්‍රීඩකයන් දෙදෙනාටම එරෙහිව දැඩි නිල විනය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව, එම ක්‍රීඩකයන් දෙදෙනාටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 50% ක මුදලක් දඩ (Fine) වශයෙන් පනවා තිබේ. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට දඩ පනවා නොමැති අතර, එමගින්ද තහවුරු වන්නේ මෙම සිදුවීම එම පුද්ගලයන් දෙදෙනාට පමණක් සීමා වූවක් බවයි.

නිගමනය
ඉන්දියා A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර මහා පරිමාණයේ වන්චනික ගැටුමක් ඇති වූ බව පවසන වීඩියෝ සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. දඹුල්ලේ සිදු වූ සැබෑ සිදුවීම, ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර ඇති වූ සුළු බහින්බස්වීමක් සහ තල්ලු කර ගැනීමක් පමණක් වන අතර එය අනෙක් ක්‍රීඩකයන් විසින් ක්ෂණිකව නවත්වන ලදී. ක්‍රීඩකයන් දරුණු ලෙස පොලු මුගුරුවලින් හෝ එකිනෙකාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ සියල්ලම AI තාක්ෂණයෙන් සකස් කරන ලද ව්‍යාජ ඒවා වේ.

Latest updates

#AI

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

Related Content

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

පෙර පුහුණුවීම්වල නිරත ශාරුක් ඛාන් ලෙස දැක්වෙන ඡායාරූපය AI නිර්මාණයක්!

ජූලි 7, 2025

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වැළඳගැනීමක් දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

ජූලි 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection