Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

False
False

දෙරණ නාලිකාවේ පුවත් විකාශනයක දර්ශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර ඇති බවට පෙන්වන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරික්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 9, 2025

පසුගිය දින කිහිපයේ ඇතිවූ ආපදා තත්වය සම්බන්ධයෙන් වන පූර්ව දැනුම් දීම් පිළිබදව සමාජ මාධ්‍ය හරහා දැඩි සේ කතාබහ ට ලක්විය. ඊට හේතුව වූයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නොවැම්බර් 12 වන දින සිට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවට පළවූ අදහස්ය.මේ පිළිබදව පරස්පර අදහස් සමාජගතවී තිබුණි.
ඒ අතර දෙරණ නාලිකාවේ පුවත් විකාශනයක දර්ශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුව තුළ ඇතුළත් කර ඇති බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.


දෙරණ නාලිකාවේ විකාශය වූ Big Focus වැඩසටහනට සම්බන්ධ වී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අතුල කරුණානායක නොවැම්බර් 12 වනදා දැක්වූ අදහස් ලෙස දක්වමින් මෙම පළකිරීම සිදු කර තිබුණි. එම අදහස් පළකිරීම නොවැම්බර් මස 28 වනදා දෙරණ නාලිකාවේ රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශයේ විකාශනය කෙරිණි. එහි ඡායාරූපයක් මෙලෙස උපුටා දක්වා ඇති බව නිරීක්ෂණය විය.

සමාජ මාධ්‍ය තුළ මෙය උපුටා දක්වා තිබුණේ දෙසැම්බර් 08 වනදාය. එබැවින්  නොවැම්බර් 28 වන දින සිට දෙසැම්බර් 8 වන දින දක්වා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එවැනි ප්‍රවෘත්ති පළ කර ඇත්දැයි අපි පරීක්ෂා කළ අතර එවැනි කිසිදු වාර්තාවක් නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

ඊට පෙර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කිසිදු ප්‍රවෘත්ති ආයතනයකින් කිසිදු ප්‍රවෘත්තියක් පළ කර නොතිබුණි. එබැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කිසිදු ප්‍රවෘත්ති ආයතනයක් හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම් ප්‍රකාශයට පත් කර නොමැති බව අපට තහවුරු කර ගැනීමට හැකි විය.

එවැනි පළකිරිමක් සත්‍ය ලෙසම සිදු කළේද ? යන්න පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් අප කළ විමසිමේදී ඔහු සඳහන් කර සිටියේ එවැනි කිසිදු ආකාරයක පළකිරීමක් සිදු නොකළ බවයි. එමගින් එය සංස්කරණය කොට පළ කරන ලද්දක් බව අනාවරණය විය.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ දෙරණ නාලිකාවේ Big Focus වැඩසටහනට සම්බන්ධවී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉදිරි කාලගුණය පිළිබද දැක්වූ අදහස් ලෙස දක්වමින් දෙරණ නාලිකාවේ විකාශන දර්ශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර ඇති ලෙසින් හුවමාරු වන ඡායාරූප සාවද්‍ය බව FactSeeker තහවුරු කරන ලදී.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection