Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

False
False

පහසුවෙන් මුදල් ඉපයීමේ ක්‍රම පිළිබද සදහන් කරන , ඩේලි මිර(ර්) වෙබ් අඩවියේ නිල ලාංජන භාවිතා කරමින් සමාජ ජාල ඔස්සේ සංසරණය වන වෙබ් අඩවියක් FactSeeker හට නිරීක්ෂණය විය.

by Anonymous |

ඔක්තෝබර් 24, 2025

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය , ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ආදී ජනප්‍රිය පුද්ගලයින්ගේ ලෙසින් සකස් කළ ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍ය පුරා සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය. ඒ පිළිබදව කරුණු විමර්ෂණය කර ඒවා AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති බව අප අනාවරණය කළේය.

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

අදාළ වීඩියෝ හි ඩේලි මිර(ර්) ආයතනයේ නිල ලාංජනය යොදාගෙන ඇති බව විමර්ෂණ වලදී පෙනී ගිය අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ෂණය කළේය. ඒ අනුව නිල වෙබ් අඩවිය නිරික්ෂණය කිරීමේදී එහි එවැනි වීඩියෝ ඇතුළත් නොවන බවද අනාවරණය විය. කෙසේ වෙතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේදී සමාජ ජාල හරහා සංසරණය වන ඩේලි මිර(ර්) වෙබ් අඩවියේ යැයි දක්වන සබැදියක් (Link) නිරීක්ෂණය විය.ඒ අනුව අදාළ වෙබ් අඩවිය පරික්ෂා කෙරිණි.

මෙම වෙබ් අඩවිය ඩේලි මිර(ර්) නිල වෙබ් අඩවියට සමාන ආකාරයෙන් සකසා ඇති බව නිරීක්ෂණය විය. මෙහි ඇතුළත් පුවත් සියල්ලක්ම මුදල් ඉපයීමේ ක්‍රමයක් ප්‍රවර්ධනය වන ආකාරයට වංචනිකව ඉදිරිපත් කර තිබුණි. එහි පුවත් පළකරන්නන් ලෙසද යොදාගෙන තිබුණේ සත්‍ය ලෙසම ඩේලිමිර(ර්) ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවයන්ය. මේ නිසා අප මේ සම්බන්ධයෙන් ඩේලිමිර(ර්) ආයතනයෙන් විමසීමක් කළේය. ඒ අනුව ඩේලි මිර(ර්) නිල වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක හා එම පුවත්පතේ නියේජ්‍ය කර්තෘ සුනිල් ජයසිරි පවසා සිටියේ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය https://www.dailymirror.lk/ වන බවත් අදාළ වෙබ් අඩවිය ව්‍යාජ වූවක් බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් සයිබර් අපරාධ කොට්ඨාශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවද වැඩිදුරටත් සදහන් කළේය.

මේ අනුව පහසුවෙන් මුදල් ඉපයීමේ ක්‍රම සහ එවැනි වීඩියෝ ඇතුලත් කර ඇති වෙබ් අඩවිය ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ලෙසින් නිර්මාණය වූ ව්‍යාජ වෙබ් අඩවියක් බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

Related Content

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection