Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

False
False

ජනතාවට මුදල් ඉපයීම සදහා වන පහසු ක්‍රමයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් පුහුණුකරුවෙකු වන කුමාර් සංගක්කාර විසින් සිදුකරන ප්‍රකාශයක් පිළිබදව FactSeeker හට අනාවරණය විය.

by Anonymous |

ඔක්තෝබර් 23, 2025

කුමාර් සංගක්කාර විසින් “අලුත් ආදායම් ක්‍රමයක්” ලෙස හැඳින්වෙන පද්ධතියක් පිළිබඳව සමාජ මාධ්‍ය ප්‍රචාරයක වීඩියෝවක් FactSeeker ට හමු විය.
එම වීඩියෝව මෙතැනින්: https://www.facebook.com/share/1CnWN5YhYN/
මෙම වීඩියෝව ඩේලිමිරර් ලාංඡනය යටතේ ඔවුන් විසින් සමාජ මාධ්‍යයේ පළ කළ වීඩියෝවක් බව හැඟවෙන පරිදි හුවමාරු කර ගෙන තිබිණි.

මෙම වීඩියෝවට අනුව කුමාර් සංගක්කාර කියා සිටින අයුරින්, අදාළ විද්‍යුත් මුදල් පද්ධතිය සාම්ප්‍රදායික බැංකු ක්‍රමයට අභියෝගයක් වන අතර, දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එකතු වී රුපියල් 100 සිට රුපියල් 1,000 දක්වා මේ මගින් උපයමින් සිටින බවයි. සංගක්කාර වැඩිදුරටත් පෙන්වා දෙනුයේ, පළපුරුද්දක් අවශ්‍ය නොවන මේ වේදිකාව සෑම කෙනෙකුටම විවෘත වන අතර, එය විනිවිදභාවය සහ සාධාරණත්වය පදනම් කරගෙන ක්‍රියා කරන බවයි.

එසේම මෙම වීඩියෝවේ පෙනී සිටිමින් ඔහු සමාජ මාධ්‍ය පරිශීලකයින්ට උපදෙස් දෙනුයේ, අඩුම ගෙවීමක් ලෙස රු. 75,000ක් තැන්පත් කර මෙම ඇල්ගොරිතමය මගින් ලාබ උපයා ගන්නා ලෙසයි. එම ලාබ ඕනෑම මොහොතක ආපසු ලබා ගත හැකි බවද ඔහු කියයි.
මෙම වීඩියෝව අනුව, මේ මගින් ජනතාවට රු. 415,000 සිට රු. 1.5 මිලියන දක්වා මාසිකව නිවසේ සිටම උපයා ගත හැකි බව පෙන්වයි. මේ වැඩසටහන ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් මගින් අනුග්‍රහය ලැබූ “නිලලත් හා සම්පූර්ණයෙන් නීති සම්මත” වැඩසටහනක් බවද දක්වා ඇත.

නමුත් මේ පිළිබඳ වැඩි දුර නිරීක්ෂණය කිරීමේදී කුමාර් සංගක්කාරගේ හඬ වෙනස් කර ඇති බව පැහැදිළිව ම දැක ගත හැකි වේ. එසේම මෙවැනි වීඩියෝවක් Dailymirror Online හි පළ වී තිබෙදැයි නිරීක්ෂණය කළ විට එවැනි වීඩියෝවක් ඩේලිමිරර් සමාජ මාධ්‍යවල පළ වී නොතිබුණ බවට ද කරුණු තහවුරු විය.

ඒ අනුව මෙම වීඩියෝවේ ව්‍යාජ ලෙස නිර්මාණය කරනු ලැබූවක් ද යන්න නිරීක්ෂණය කළ විට එය කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කරගැනීමට FactSeeker ට හැකි විය.

වැඩි දුර නිරීක්ෂණයේදී මෙම ප්‍රවර්ධන වීඩියෝව නිර්මාණය කිරීමට යොදාගත් සත්‍ය වීඩියෝව ද අපට හමු විය. එය පසුගිය වසරේදී Star Sports යූටියුබ් නාලිකාවේ පළ වූ වීඩියෝවක් අනුසාරයෙන් නිර්මාණය කර ඇති බව මෙහිදී තහවුරු විය.
එම වීඩියෝව මෙතැනින්: https://www.youtube.com/watch?v=HJFSMxUy66g


මේ අනුව කුමාර් සංගක්කාර විසින් “අලුත් ආදායම් ක්‍රමයක්” ලෙස හඳුන්වමින් සිදු කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක් බවට FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection