චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවතක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය.
by Anonymous |
ඔක්තෝබර් 20, 2025

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇතැයි පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.
“86 වන වියෙහි පසු වූ හිටපු ජනාධිපතිනිය මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ” ආදී ලෙස මෙම පෝස්ටුවල දක්වා තිබුණි. එසේම ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වන වෙනත් පෝස්ටුවලද සමාජ මාධ්‍ය පරිශීලකයින් නිවන් සුව ප්‍රාර්ථනා කරනු දක්නට තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළවන බවත් , එසේ වුවත් ඒ සම්බන්ධයෙන් නිල තොරතුරක් නොමැති බවත් ඇතැම් පෝස්ටුවල දක්වා තිබුණි.
https://www.facebook.com/share/p/1FhoX6RDJs/
https://www.facebook.com/share/p/1BZizqL4Z6/
ඒ අනුව FactSeeker මේ පිළිබඳ කරුණු පරීක්ෂා කළේය.

මේ සම්බන්ධයෙන් අපි නිල වශයෙන් වූ ප්‍රවෘත්තියක් හෝ සටහනක් ඇතිදැයි අන්තර්ජාලයේ පරීක්ෂා කළ අතර එවැනි සටහනක් හමු නොවුණි. පසුව හිටපු ජනාධිපතිනියගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේද ? යන්න පිළිබදව FactSeeker ඇගේ සම්බන්ධීකරණ නිලධාරිවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මීට සති කිහිපයකට ඉහතදී සිදුවූ ඇද වැටීමකින් ඇගේ උකුල් ප්‍රදේශය ආශ්‍රිතව අස්ථි බිදීමක් සිදුවී එක්තැන්ව සිටි අතර මේ වන විට ඇය යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව යි. එසේම ඇය මේ වන විට කොළඹ පිහිටි ඇගේ නිවසේ විවේක සුවයෙන් පසුවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.