Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

False
False

හේමා ප්‍රේමදාස විසින් වත්මන් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබූ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

සැප්තැම්බර් 12, 2025

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමත් සමග හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස විසින් වත්මන් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබූ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත සම්මත වූ නිසා ඇය මේ වන තෙක් රුදී සිටි නිවසින් ඉවත්වීමට සිදු වූ බැවින් ජීවිතයේ සැදෑ සමය ගත කිරීමට සුදුසු කොළඹ අවට පිහිටි නිවසක් ලබා දෙන මෙන් මෙම ලිපිය හරහා වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
දැනට තමාට හෝ තම පවුලට ‍කොළඹ අවට හෝ වෙනත් ප්‍රදේශයක ජීවත් වීම සඳහා සුදුසු නිවසක් නැති අතර නිවසක් ගැනීම සඳහා මූල්‍යමය ශක්තියක් ද තමාට නැති බව එම ලිපිය මගින් හේමා ප්‍රේමදාස අවධාරණය කර ඇත.
මෙම ලිපිය සම්බන්ධයෙන් මතු වූ සැකය නිසා හේමා ප්‍රේමදාස විසින් මෙවැනි ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායකට යවා ඇති ද? යන්න පිළිබඳව Factseeker කරුණු පරීක්ෂා කළේ ය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්ඳඹු බිරිඳ වශයෙන් හේමා ප්‍රේමදාසට රජයෙන් දී තිබූ නිවස 2023.03.31 වන දින රජයට නැවත පවරා දී ඇති බව කළ සොයා බැලීමේදී අනාවරණය විය. ඒ අනුව ඇය මේ විට රජයේ නිවසක පදිංචි වී නොසිටින බව තහවුරු විය.
https://www.facebook.com/share/p/17CiJpdqW8/


එසේ නම් මේ ලිපියේ සදහන් වන්නේ කිනම් නිවසක්ද ? යන්න සම්බන්ධයෙන් FactSeeker සොයා බැලීය.
ඒ අනුව අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ කාර්යාලයෙන් කළ විමසීමකදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ප්‍රකාශ කළේ, මෙම ලිපිය සාවද්‍ය බවත් ඇය ර‍ජයේ නිල නිවසක පදිංචි වී නොසිටින බවත් ය.එමෙන්ම ඇය මේ වන විට කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇගේ පෞද්ගලික නිවසේ පදිංචිව සිටින බවත් ඔහු සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටියේ හේමා ප්‍රේමදාස සදහා එවැනි නිල නිවසක් මේ වන විට නොමැති බවත් ඇයට හිමිව තිබූ මෝටර් රථය ද මේ වන විට භාර දී ඇති බවත්ය.

ඒ අනුව හේමා ප්‍රේමදාසගේ නම සඳහන් ලිපි ශීර්ෂයක තමාට කොළඹ අවටින් නිවසක් ලබාදෙන මෙන් වත්මන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව සදහන් ලිපිය ව්‍යාජ ලිපියක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection