ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු B-2 Spirit ලෙස යානා දක්වමින් හුවමාරු වන ඡායාරූප කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූප බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.
by Anonymous |
ජූනි 24, 2025

ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මරමස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු B2 රහසිගත බෝම්බ හෙලන යානාවලින් (Stealth Bombers) එකක් ඉරානය විසින් බිම හෙලූ බව දැක්වෙන ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. අන්තර්ජාතික වශයෙන් බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කර ඇත.
මෙම ඡායාරූප හා ඒ හා සම්බන්ධ සමාජ මාධ්‍ය වාර්තාවල සත්‍යතාව පිළිබඳව Factseeker විසින් විමර්ශනය කරන ලදී. එහිදී එම ඡායාරූපවල බොහෝ විෂමතා සහිත බව නිරීක්ෂණය විය. විශේෂයෙන්, වෙඩි තබා බිම හෙලූ බව කියන ගුවන් යානාව සහ අමෙරිකානු B-2 Spirit යානාවක් සමාන ලෙස පෙනුණද, එහි ඇතැම් දේවල් වෙනස්ය.
එය තහවුරු කරන සංසන්දනයක් පහතින්.
එමෙන්ම, අනෙක් රූපයේ ද, ගුවන් යානාව නියමුවන්ට වඩා කුඩා බව අපට නිරීක්ෂණය කළ හැකි විය. එබැවින් මේවා කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද ඡායාරූප ද යන්න පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.
මෙම ඡායාරූප කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇත්දැයි විශ්ලේෂණය කිරීමට කෘත්‍රිම බුද්ධි අනාවරක මෙවලම් (AI detector tools) භාවිතා කළ විට, එම ඡායාරූප එහි අන්තර්ගතයෙන් 70% ක්ම කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු විය.
ඒ සමගම, ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මරමස්ථාන තුනට ගුවන් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු B-2 Spirit යානා, ප්‍රහාරයෙන් පසු මිසූරිහි වයිට්මන් ගුවන් හමුදා කඳවුරට ආරක්ෂිතව ආපසු පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් එක්සත් ජනපදය බෙදාගෙන තිබේ. එහි සබැඳි මෙතැනින් සහ මෙතැනින්.
තවද, යානාව බිම හෙලූ බවට ඉරානය විසින් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.
ඒ අනුව, ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු B-2 Spirit ලෙස යානා දක්වමින් හුවමාරු වන ඡායාරූප කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූප බව FactSeeker තහවුරු කරයි.