Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ජනපති අනුරගේ සංස්කරණය කළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙයි

False
False

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජනාධිපති අනුර කුමාර දිසානායක, ජර්මානු ජනාධිපතිවරයාට සාපේක්ෂව කුඩාවට පෙනෙන ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කළ ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

ජූනි 12, 2025

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ උත්සවය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ (Bellevue Palace) දී පැවැත්විණි.
එහිදී ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණයට ද එක්විය.

එම අවස්ථාවේදී ගනු ලැබූ ඡයාරූපයක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙන ඡායාරූපයක් FactSeeker වෙත නිරීක්ෂණය වූ අතර එහි ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපතිවරයාට වඩා සැලකිය යුතු අඩු උසක් සහිතව සිටින බව අපගේ අවධානයට යොමු විය.

එම ඡායාරූපය Reverse Image Search හරහා කළ පරීක්ෂාවේදී මීට සමාන ඡායාරූපයක් Batesville Guard වෙබ් අඩවියේ පළ කර ඇති බව FactSeeker නිරීක්ෂණය කළේය. ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සියේ (DPA) බර්න්ඩ් වොන් ජුට්ර්සෙන්කා (Bernd von Jutrczenka) විසින් අදාළ ඡායාරූපය ලබාගෙන තිබිණි.

මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය, එම ඡායාරූපය සමග සැසඳීමේදී සංසරණය වන ඡායාරූපයේ ජනාධිපතිවරයා කුඩාවට පෙනෙන ලෙස සංස්කරණය කර ඇති ආකාරය පැහැදිලිව හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබූ පිළිගැනීමේ උත්සවයට අදාළ වෙනත් ඡායාරූප ද FactSeeker පරීක්ෂා කළ අතර එහිදී සංසරණය වන ඡායාරූපය සංස්කරණය කළ එකක් බව තවදුරටත් තහවුරු විය.

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජනාධිපති අනුර කුමාර දිසානායක, ජර්මානු ජනාධිපතිවරයාට සාපේක්ෂව වඩා කුඩාව පෙනෙන ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කළ ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection