Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ධම්මික පෙරේරා විසින් ආයෝජන යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන බව දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්

False
False

ධම්මික පෙරේරා විසින් ආයෝජන යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන බව දැක්වෙන වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් වන බවත්, එම වීඩියෝවේ වැඩිදුර කියවීම් වෙත පිවිසීමට ලබා දී ඇති සබැඳි වංචනික බවත් FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූනි 11, 2025

ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ආයෝජන යෝජනා ක්‍රමයක් ප්‍රවර්ධනය කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

එම වීඩියෝවේ වැඩිදුර කියවීම් වෙත පිවිසීම සඳහා ලබා දී ඇති සබැඳිය තුළින් ද අපි කරුණු නිරීක්ෂණය කළෙමු. එම සබැඳිය පරීක්ෂා කර බැලීමේදී අද දෙරණ ප්‍රවෘත්ති වෙබ් අඩවියට සමානව සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් වෙතට පරිශීලකයා යොමු කරන(Navigate) ආකාරය නිරීක්ෂණය කළ හැකි විය.

නමුත් අද දෙරණ නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී එවැනි පුවතක් පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති බව දක්නට ලැබුණි.

මෙම සබැඳිය URLVoid හරහා නිරීක්ෂණය කළ විට එය ව්‍යාජ වෙබ් අඩවියක ගති ලක්ෂණ නිරූපණය කරන බවට තැඹිලි පැහැයෙන් කරුණු අනාවරණය කළ අතර අද දෙරණ නිල වෙබ් අඩවියේ සබැඳිය URLVoid හරහා නිරීක්ෂණය කළ විට එය නිල වෙබ් අඩවියේ සබැඳිය බවට කොළ පැහැයෙන් කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය.

මෙම වීඩියෝවේ ධම්මික පෙරේරාගේ හැසිරීම් සහ කථන රටා අසාමාන්‍ය ලෙස දිස් වූ අතර භාෂාව හැසිරවීමෙදී තොල් පමණක් චලනය වීම, දත් නොපෙනීම, මුහුණේ මාංශපේශී චලනය වීම් අසාමාන්‍ය වීම, මුහුණේ අනෙකුත් අවයවවලට වඩා මුඛය අපැහැදිලී ස්වරූපයක් තිබීම නිසා මෙය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් ද යන සැකය මතු විය. මීට අමතරව මෙම වීඩියෝව නිර්මාණය කිරීමට යොදාගත් සත්‍ය වීඩියෝව අපට හමු විය.

එම වීඩියෝව මෙතැනින්: https://www.youtube.com/shorts/7wmHXG_U4nA

ඒ අනුව මෙම වීඩියෝපට දෙක සංසදනය කර නිරීක්ෂණය කිරීමේදී, සත්‍ය වීඩියෝවේ ධම්මික පෙරේරා මහතාගේ අංග චලන වෙනස් නොකොට, තොල් සහ භාෂා හැසිරවීම පමණක් වෙනස් කරමින් අදාළ වීඩියෝව නිර්මාණය කර ඇති බවට තොරතුරු විශ්ලේෂණය කළ හැකි විය.

එසේම මෙම වීඩීයෝව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයා බැලීමේදී ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් පළ කර තිබූ සටහනක් අපට හමු විය.

එහි සඳහන් වූයේ, ධම්මික පෙරේරා ආයෝජන යෝජනා ක්‍රමයක් ප්‍රවර්ධනය කරන බවට ව්‍යාජ ලෙස AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝවක් ඇතැම් වේදිකා හරහා අන්තර්ජාලයට මුදා හැර ඇති බව ය. මෙම වීඩියෝව, ඒවා හුවමාරු කළ වේදිකා හෝ එහි අන්තර්ගත කරුණු හා ධම්මික පෙරේරා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි සඳහන් වී තිබිණි. මෙය මහජනතාව නොමඟ යැවීම අරමුණු කරගත් ද්වේෂසහගත වංචාවක් බව ද එම සටහනේ සඳහන් වී තිබිණි.

එමෙන්ම සැක සහිත සබැඳි මත නොයන ලෙසත්, වීඩියෝව හෝ ඒ ආශ්‍රිත අන්තර්ගතයන් බෙදා ගැනීමෙන් වළකින ලෙසත් අපි මහජනතාවට තරයේ අවවාද කරමු. කරුණාකර එවැනි අන්තර්ගතයන් report@cert.gov.lk හෝ CID හි පරිගණක සයිබර් අපරාධ අංශයට වාර්තා කරන්නැ යි ද එම සටහනේ වැඩිදුරටත් සඳහන් විය.

ඒ අනුව, ධම්මික පෙරේරා විසින් ආයෝජන යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන බව දැක්වෙන වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් වන අතර එම වීඩියෝවේ වැඩිදුර කියවීම් වෙත පිවිසීමට ලබා දී ඇති සබැඳි වංචනික බවත්, ඒ ඔස්සේ පිවිසෙන ප්‍රවෘත්ති වෙබ් පිටුව ව්‍යාජ වෙබ් පිටුවක් බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection