Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

හිටපු ජනපතිනියගේ කුඩා කාලයේ නර්තනයක් බව දැක්වෙන වීඩියෝව AI නිර්මාණයක්!

False
False

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ කුඩා කල නර්තනයක් ඉදිරිපත් කෙරෙන අවස්ථාවක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සත්‍ය ඡායාරූපයක් යොදාගනිමින් කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ ව්‍යාජ නිර්මාණයක් බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූනි 9, 2025

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ කුඩා කල නර්තනයක් ඉදිරිපත් කෙරෙන අවස්ථාවක් ලෙස සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

මෙම වීඩියෝවෙන් ලබා ගත් ඡායාරූප(Screenshots) Google Lens තුළින් පරීක්ෂා කළ විට මෙම වීඩියෝව සම්බන්ධ පිළිගත හැකි මූලාශ්‍රයක් සඳහන් වී නොතිබිණි.

තවදුරටත් අප කළ පරීක්ෂාවේදී මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් සත්‍ය ඡායාරූපය පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තම නිල ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද සටහනක් අපට හමු විය. එහි සඳහන් වන පරිදි, මේ ඡායාරූපය 1969 ප්‍රංශයේ පැවති ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ සංස්කෘතික උත්සවයක ඇය විසින් මයුරා වන්නම ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ගන්නා ලද්දකි.

නමුත් මෙම වීඩියෝවේ අදහස් පළකිරීම් නිරීක්ෂණය කිරීමේදී එය සත්‍ය වීඩියෝවක් බව පිළිගත් බොහෝ පරිශීලකයින් ප්‍රමාණයක් සිටින බව ද අපට නිරීක්ෂණය විය.

එසේම අදාළ වීඩියෝව පළ කරන ලද පළමු මූලාශ්‍රය අපට හමු වූ අතර එම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කර ඇති බව දක්වන “AI Info” ලේබලය සහිතව හුවමාරු කර තිබුණි.

මේ අනුව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නර්තනයක් යැයි සඳහන් වීඩියෝව ඡායාරූපයක් යොදාගනිමින් AI හරහා සකස් කළ ව්‍යාජ නිර්මාණයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection