Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කොළඹ පුරපති ගැන එජාප ලිපිය ව්‍යාජයි

False
False

කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක පත්කිරීමට සජිත් ප්‍රේමදාස හා සෙසු අය එකඟතාව පළ කර ඇති බව දක්වමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති වජිර අබේවර්ධන නිකුත් කළ ලිපියක් ලෙස හුවමාරු වන ඡායාරූපයක් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

මැයි 21, 2025

“කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්ධව” යන ශීර්ෂය සහිත එම ලිපියේ අන්තර්ගතය මෙසේය.

“සාකච්ඡා වට කීපයකින් පසුව සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවේදී ආණ්ඩුව බහුතර බලය දිනා නොගත් ප්‍රාදේශීය සභාවල සෙසු සියලු පක්ෂ හා එක්වී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මූලිකත්වයෙන් බලය පිහිටුවීමට තීරණය කරන ලදී.

එහිදී මූලික වශයෙන් කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක මහතා පත්කිරීම සජිත් ප්‍රේදාස මහතා එකඟ විය. පසුව සෙසු අයගේ ද දැඩි පෙළඹවීම නිසා සාගල රත්නායක මහතා කොළඹ පුරපති වශයෙන් පත්වීමට එකඟතාවය පළ කරන ලදී.”

එක්සත් ජාතික පක්ෂය හෝ වජිර අබේවර්ධන මෙවැනි ලිපියක් නිකුත් කර තිබේද? යන්න පිළිබඳව අප කළ සොයාබැලීමේදී මෙවැන්නක් නිල වශයෙන් නිකුත් කර නොමැති බව තහවුරු විය.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මෙම ලිපිය අසත්‍ය බවට සිය නිල ෆේස්බුක් පිටුව හරහා නිවේදනය කර ඇති බව නිරීක්ෂණය විය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව තුළින් ද එය අසත්‍ය ලිපියක් බව පෙන්වා දී තිබිණි.

ඒ අනුව, කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක පත්කිරීමට සජිත් ප්‍රේමදාස හා සෙසු අය එකඟතාව පළ කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලෙස සකස් කළ ,ලිපියක් බව FactSeeker සනාථ කරයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීමේ කාර්යභාරය අවසන් බවත්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය භාරගැනීමට තමා සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක කළ ප්‍රකාශයක් ලෙස දැක්වෙන පෝස්ටුවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

එම ප්‍රකාශය ඇතුළත් මෑතකාලීන පෝස්ටුවක් සාගල රත්නායකගේ හෝ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නිල ෆේස්බුක් පිටුවක ඇතුළත්ව නොමැති බව ඔහුගේ ගිණුම් පරීක්ෂා කිරීමේදී අපට නිරීක්ෂණය විය. Google Reverse Image Search හරහා පිරික්සීමේදී එවැන්නක් ඔහු විසින් පළ කර නොමැති බව තහවුරු විය.

අපගේ විමර්ශනයේදී එම පෝස්ටුවේ ඇතුළත් කොටස් සහ පසුබිම සහිත වෙනත් පෝස්ටුවක් අපට නිරීක්ෂණය වූ අතර එය සංස්කරණය කර හුවමාරු වන පෝස්ටුව සකස් කර ඇති බව අපට තහවුරු විය.

මේ පිළිබඳව FactSeeker එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක සාගල රත්නායකගෙන් විමසීමක් සිදු කළ අතර මෙම පෝස්ටුව සම්පූර්ණ අසත්‍යයක් බව ඔහු ප්‍රකාශ කළේය. තවද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ කොළඹ මහ නගර සභාවේ කොට්ඨාස අපේක්ෂක ලැයිස්තුවේ හෝ වෙනත් නාමයෝජනා පත්‍රයක හෝ ඔහුගේ නම ඇතුළත් නොවුණු බව ඔහු පැවසීය.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය භාරගැනීමට තමා සූදානම් බවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක ප්‍රකාශ කළ බව සඳහන් කරමින් හුවමාරු වන පෝස්ටුව ව්‍යාජ ලෙස සකස් කළ සටහනක් බව FactSeeker සනාථ කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection