Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අති උතුම් “පාප්” පදවිය සඳහා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පත්වූ බවට පළ වන පුවත් අසත්‍යයි!

False
False

"පාප්" තනතුර සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පත්ව ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

මැයි 7, 2025

“පාප්” ධූරය යනු කතෝලික සංඝ සභාවේ නායකත්වය මෙන්ම වතිකානුවේ රාජ්‍යත්වය යි. පාස්කු සඳුදා දින අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ 267වන අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැණීම සඳහා ලොව වටා කාදිනල් වරුන්ගෙන් 133කුගෙන් සමන්විත සංඛ්‍යාවක් සිස්ටයින් දේවස්ථානයට පැමිණ සිටී.

පාප් ධුරය සඳහා අපේක්ෂිත කාදිනල්වරුන්ගේ නම් සහ  තොරතුරු ලැයිස්තුව  මෙතැනින්:

https://www.catholic-hierarchy.org/bishop/scardc3.html

මෙය කතෝලික ජනතාවට ඉතාම උණුසුම් පුවතක් ව තිබෙන මොහොතක කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ මේ වන විටත් “පාප්” තනතුරට පත් කර ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම් හුවමාරු වන අකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

නමුත් විදෙස් මාධ්‍ය යාවත්කාලීන වීම්වල නව පාප්වහන්සේ පත් කර ඇති බවට නිල වශයෙන් දැක්වෙන පුවත් කිසිවක් පළ වී නොමැති බව FactSeeker  කළ නිරීක්ෂණයේදී තහවුරු විය.එසේම නව පාප්වහන්සේ පත්කිරීම සඳහා වන කොන්ක්ලේව් (Conclave) සමුළුව 2025 මැයි මස 07වන දින එරට වේලාවෙන් උදෑසන 10ට ශාන්ත පීතර බැසිලිකාවේදී මහජන ශුද්ධ දිව්‍ය පූජාවකින් ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය මෙරට වේලාවෙන් පස්වරු 1.30 පමණ වෙයි.

මේ පිළිබඳ යාවත්කාලීන විදෙස් පුවත් කිහිපයක් මෙතැනින්:

https://www.bbc.com/news/articles/c15v5n0knv3o

https://www.abc.net.au/news/2025-05-07/conclave-begins-to-elect-new-pope/105240966

ඒ අනුව 267වන “පාප්” තනතුර සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පත්ව ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

අගෝස්තු 5, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection