Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

කොටි ධේනුවකට පැටවුන් බිහි කිරීමට උපකාර කරන AI නිර්මාණයක්.

False
False

පැටවුන් බිහි කිරීමට ආසන්නව තැනිතලා භූමියක වැතිරී සිටින කොටි ධේනුවකට වෛද්‍ය කණ්ඩායමක් විසින් උපකාර කරන ආකාර දක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

පෙබරවාරි 6, 2025

එම වීඩියෝව මෙතැනින්: https://www.facebook.com/share/r/15pomfTr4P/

වීඩියෝවේ ඇතැම් ස්ථානවල දක්නට ලැබෙන සතුන්ගේ සහ වෛද්‍ය කණ්ඩායමේ පුද්ගලයන්ගේ චලනයන් හි යම් යම් වෙනස්කම්, අසාමාන්‍ය ලක්ෂණ පවතින බව FactSeeker නිරීක්ෂණය කළේය.  එහිදී කොටි ධේනුව විසින් බිහි කළ පැටවුන් වීඩියෝවේ අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රමාණයෙන් වැඩී සිටින ආකාරය දැකගත හැකිය.

එසේම වෛද්‍ය කණ්ඩායමේ කාන්තාවගේ නිල ඇඳුම අවස්ථා දෙකකදී වර්ණ දෙකකින් දිස්වෙන ආකාරයත් ඔවුන් පැමිණි කැබ් රථය අවස්ථා දෙකකදී වර්ග දෙකකින් දිස්වීමත් නිරීක්ෂණය කළ හැකි විය.

තව දුරටත් සාමාන්‍ය මානව හැසිරීමකට වඩා එම වීඩියෝවේ සිටින පුද්ගලයින්ගේ මුහුණේ ඉරියව් වෙනස් වීම්, ඇස් සබඳතා නොමැති වීම ආදී අසාමාන්‍ය තත්වයන් නිරීක්ෂණය කිරීමෙන් මෙම වීඩියෝව ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් බවට ලක්ෂණ හඳුනා ගැනීමට හැකි විය.

නමුත් අදාළ වීඩියෝව සත්‍ය බවට පරිශීලකයින් බොහෝ දෙනෙකු විශ්වාස කර තිබෙන බව එම වීඩියෝවේ අදහස් පළ කිරීම් තුළින් දැක ගත හැකිය.

මේ නිසා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කළ නිර්මාණ හඳුනාගත හැකි වෙබ් අඩවියක් වන sightengine හරහා වීඩියෝවේ ඇතැම් අවස්ථා ඇතුළත් කරමින් නිරීක්ෂණය කරන ලද අතර එහිදී එම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) හරහා නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කර ගැනීමට හැකි විය.

මේ අනුව කොටි ධේනුවකට පැටවුන් බිහි කිරීමට වෛද්‍ය කණ්ඩායමක් උපකාර කරන ආකාරය් දැක්වෙන වීඩියෝව  කෘතීමබුද්ධිය යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවූරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection