Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මෙරට ඩොලර් සංචිත සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ කියන දත්ත අසත්‍යයි

False
False

ජාතික ජන බලවේගය වත්මන් ආණ්ඩුව භාර ගන්නා විට මිලියන 20 ක්ව පැවැති ඩොලර් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6190 ක් දක්වා වැඩි වී තිබෙන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.

by Anonymous |

අප්‍රේල් 10, 2025

ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඊයේ (08) පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කළේ ය.
එහිදී චානක මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගන්නා අවස්ථාව වන විට මෙරට ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ව පැවති බව සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බවයි.

එම ප්‍රකාශය මෙතැනින් – https://www.youtube.com/live/dWE_rIS8mN4?si=2a2LnBMwGLD8-syG&t=16947

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ද පෝස්ටු හුවමාරු වන බව Factseeker ට නිරීක්ෂණය වූ බැවින්  අමාත්‍ය නලීන් හේවගේ කළ බව කියන  මෙම ප්‍රකාශය පිළිබඳව Factseeker කරුණු පරීක්ෂා කළේ ය.

නලින් හේවගේ විසින් මෙම ප්‍රකාශය කර ඇත්තේ, 2025.04.07 වන දින ගාල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියක් අමතමින් බව එහිදී අනාවරණය විය. ” අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මපල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190ක් ” යනුවෙන් ඔහු  පවසයි.

අපි මේ සම්බන්ධයෙන්කා ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පරීක්ෂා කළෙමු. එම වාර්තාවලට අනුව 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට මෙරට පැවැති ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.96 කි.

 

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්ෂික ආර්ථික විගණන වාර්තාවේ මීට පෙර වසර වලදී මෙරට පැවති ඩොලර් සංචිත ප්‍රමාණයන් නිවැරදිව දක්වා ඇත. එම දත්ත තුළින් පෙර වසර වල සිට මේ දක්වා ඩොලර් සංචිත ප්‍රමාණයන් වෙනස් වී ඇති ආකාරය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකිය.

එසේම 2024 සැප්තැම්බර් 22 වනදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙරට ඩොලර් සංචිත පිළිබඳව ප්‍රකාශයක් කර ඇත. ඒ ඔහු බලයට පත්වන විට මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ව පැවති බවයි.

එම ප්‍රකාශය මෙතැනින් – https://youtu.be/BSWcMy2nFq0?si=XpcQp_OdQlJiRdj8

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින් හේවගේ නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් මතු කළේ ය.

ඒ සඳහා පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක , ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ,වත්මන් රජය බලයට පත් වන විට මෙරට සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක් පැවැති අතර එය මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වැඩි වී ඇති බවයි.

එම ප්‍රකාශය මෙතැනින් – https://www.youtube.com/watch?v=zT4RaxkgE3Q

මෙම කරුණු විමර්ෂණය කර බැලීමේදී නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් ඔවුන් බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ව පැවති බව සඳහන් කරමින් කරන ප්‍රකාශය සාවද්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection