Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හෙට සිට විදුලි ගාස්තු සියයට 22.5 කින් අඩු වෙනවාද?

Misleading
Misleading

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 22.5කින් අඩුවන බව සඳහන් කරමින් ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් සංසරණය වෙමින් පවතී .

by Anonymous |

සැප්තැම්බර් 26, 2024

එම වීඩියෝව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ගත් දර්ශන සහිතව “හෙට සිට විදුලි ගාස්තු අඩු වන බව” සඳහන් කර තිබිණි.

 

මෙය සත්‍ය ද? යන්න පිළිබඳව සොයා බලන ලෙස FactSeeker ට ලැබුණු ඉල්ලීමකට අනුව මේ පිළිබඳ සොයා බැලුවෙමු.

හුවමාරු වූ එම වීඩියෝව මෙතැනින් – https://vt.tiktok.com/ZS2b1Tjy5/

මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ දී එය 2024 ජූලි මස 15 වන දින හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය කළ ප්‍රවෘත්තියක හඬ පටයක් බව FactSeeker හඳුනා ගැනීමට හැකි විය.

එම විඩියෝව මෙතැනින් – https://www.youtube.com/live/gk_iI_HRyBw?si=bwVzefpl0ca1VPXr

ඒ අනුව  ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම්දීමෙන් පසු හෙට දිනයේ සිට විදුලි ගාස්තු සංශෝධනය වන බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව ජනතාව නොමග යැවීම සඳහා සංස්කරණය කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection