Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

Misleading
Misleading

ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව දැඩි සුළං හේතුවෙන් කඩා වැටීමකට ලක්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපයක් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 17, 2025

පැවති දැඩි සුළං හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි ලෝක ප්‍රකට නිර්මාණයක් වන ලිබර්ටි ප්‍රතිමාව කඩා වැටී ඇති බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. සමාජ මාධ්‍ය පරිශීලකයින් එය අසත්‍ය පුවතක් බවට සදහන් කර තිබූ අතර ඇතැම්හු අදහස් දක්වා තිබුණේ, එවැනි සිදුවීමක් සිදුවී ඇති නමුත් එය නිව්යෝක් හි පිහිටි ලිබර්ටි ප්‍රතිමාව නොවන බවත්ය. මේ ආකාරයේ පරස්පර අදහස් මෙම සිදුවීම සම්බන්ධයෙන් පළවී තිබූ බැවින් එහි සත්‍යාසත්‍යව පිළිබඳව සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කර ඇති මාධ්‍ය වාර්තා සොයා බැලීය. එහිදී NDTV NEWS WORLD පුවත් වෙබ් අඩවියේ මෙම සිදුවීම වාර්තා කර ඇති බව අනාවරණය විය. එහි දක්වා ඇති කරුණු අනුව අනාවරණය වූයේ, මෙය නිව්යෝක් නුවර පිහිටි ලිබර්ටි ප්‍රතිමාව නොවන බවයි. මෙලෙස කඩාවැටී ඇත්තේ බ්‍රසීලයේ ගුවායිහි පිහිටි අඩි 114 කින් යුත් ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි. පසුගිය 15 වනදා බ්‍රසීලයේ ගුවායි නගරය හරහා හමාගිය කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ සුළං නිසා පස්වරු 3.00 ට පමණ මෙම කඩා වැටීම සිදු වී ඇත. සම්පූර්ණ ප්‍රතිමාවේ අඩි 36 ක පමණ වන පාදම නොවෙනස්ව පවතින අතර අඩි 78 ක පමණ ඉහළ කොටස පමණක් කඩා වැටී ඇත. ඉහත සඳහන් පුවත් වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු අනුව කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

https://www.ndtv.com/world-news/statue-of-liberty-brazil-strong-winds-topple-statue-of-liberty-during-storm-not-the-one-in-new-york-9822998

මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් බොහෝ ජාත්‍යන්තර වෙබ් අඩවි හරහා ද වාර්තා කොට තිබුණි.


මෙම කරුණු අනුව ලිබර්ටි ප්‍රතිමාව කඩා වැටී ඇති බව දක්වමින් සංසරණය වන ඡායාරූප සහ වීඩියෝ හි සදහන් වන්නේ නිව්යෝක් නගරයේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව නොවන බවත් බ්‍රසීලයේ ගුවායි හි පිහිටා ඇති ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection