හෙට සිට විදුලි ගාස්තු සියයට 22.5 කින් අඩු වෙනවාද?
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 22.5කින් අඩුවන බව සඳහන් කරමින් ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් සංසරණය වෙමින් පවතී .
by Anonymous |
සැප්තැම්බර් 26, 2024
එම වීඩියෝව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ගත් දර්ශන සහිතව “හෙට සිට විදුලි ගාස්තු අඩු වන බව” සඳහන් කර තිබිණි.
මෙය සත්‍ය ද? යන්න පිළිබඳව සොයා බලන ලෙස FactSeeker ට ලැබුණු ඉල්ලීමකට අනුව මේ පිළිබඳ සොයා බැලුවෙමු.
හුවමාරු වූ එම වීඩියෝව මෙතැනින් – https://vt.tiktok.com/ZS2b1Tjy5/
මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ දී එය 2024 ජූලි මස 15 වන දින හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය කළ ප්රවෘත්තියක හඬ පටයක් බව FactSeeker හඳුනා ගැනීමට හැකි විය.
එම විඩියෝව මෙතැනින් – https://www.youtube.com/live/gk_iI_HRyBw?si=bwVzefpl0ca1VPXr
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම්දීමෙන් පසු හෙට දිනයේ සිට විදුලි ගාස්තු සංශෝධනය වන බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව ජනතාව නොමග යැවීම සඳහා සංස්කරණය කරන ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.