Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හුවමාරු වන වීඩියෝව අගමැති මෝදිගේ රථ පෙළපාළියේ පෙරහුරුවක්

Misleading
Misleading

ප්‍රභූ ආරක්ෂාව සහිතව මාර්ගයේ ගමන් කරන රථ පෙළපාළියක වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල බොහෝ දෙනෙකු හුවමාරු කර තිබෙන අයුරු Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

අප්‍රේල් 3, 2025

“දැන් අනුරව අල්ලන්න බෑ. පෙළපාළි යන්නේ නෑ,වාහන තුනකින් යන බව කී අනුර දැන් යන්නේ වාහන 22 කින්.”  යනුවෙන් Peoples voice නැමැති ෆේස්බුක් පිටුවක මෙම රථ පෙළපාලියේ වීඩියෝව පළ කර තිබුණි. “පුනරුදය දියුණු වෙලා දැන් ප්‍රෙන්ඩ්ස්” යනුවෙන් X ගිණුමක සහ මධුභාෂණ ප්‍රභාත් රණහංස නැමැති අයෙකුගේ you tube නාලිකාවක “සහෝදරයා වගේ වෙන කෙනෙක්” යනුවෙන් උපහාසාත්මක පළ කිරීමක් ද සමග මෙම වීඩියෝව හුවමාරු කර ගෙන තිබිණි.

https://www.facebook.com/watch/?mibextid=wwXIfr&v=516287048223798&rdid=U4ArE4YA1GhYy72b

https://www.youtube.com/shorts/Zkg-GlQJ3RM

https://x.com/milanravi86/status/1907449598160916682

මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන් කරන රථ පෙළපාලිය බවට අදහස් පළ කර තිබීම නිසා Factseeker ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කළේ ය.

මෙම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එහි කොළඹ නෙළුම් පොකුණ රංග ශාලව ද පසෙකින් දිස්වෙයි. මෙය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී එහි ගමන් කරන ප්‍රභූ රථයේ අංක තහඩුවේ දිස් වූයේ DL 2 CBD 1614 යන අංකයයි. මෙය මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රථයක් නොවන බවට තහවුරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව අපි මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි   හෙට (04) මෙරටට පැමිණීමට නියමිත බැවින් මෙය ඔහු පැමිණෙන රථ පෙළපාළියේ පෙරහුරුවක් බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන් කරන රථ පෙළපාලියක් නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ ය.

මෙම රථ පෙළපාළියේ ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප ශිල්පි ඉෂාර කොඩිකාරගේ ෆේස්බුක් පිටුවේ හුවමාරු කර තිබිණි. ඔහු එහි සඳහන් කර තිබුණේ ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රථ පෙළපාළියේ පෙරහුරුවක් අද කොළඹදී පැවැති බවයි. අපි ඔහුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ද ඔහු ඒ බව තහවුරු කළේ ය.

එම සබැඳිය මෙතැනින් – https://www.facebook.com/share/p/195tYh9Zng/

ඒ අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ප්‍රභූ රථ පෙළපාළිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නොව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරන රථ පෙළපාළියේ පෙරහුරුවක් බවයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection