Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හුවමාරු වන මුදල් නෝට්ටු 2011 නිකුත් කළ මුදල් නෝට්ටුයි

Misleading
Misleading

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් "නව මුදල් නෝට්ටු" ලෙස දක්වමින් හුවමාරු වන ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

ජනවාරි 20, 2025

ශ්‍රී ලංකාවේ වලංගු මුදල්වල ස්වරූපයට සමානකම් සහිත මෙම මුදල් නෝට්ටු  සමාජ මාධ්‍ය හරහා බහුලව සංසරණය වීම නිසා එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම ඡායාරූප Google Lens යොදාගනිමින් Reverse Image Search කිරීමේදී එම ඡායාරූපවලට සමාන ඡායාරූප ගණනාවක් විවිධ වෙබ් අඩවි සහ YouTube නාලිකා ඔස්සේ පළ කර තිබෙන ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි විය.

එසේ පළ කර තිබූ ස්ථාන කිහිපයකම ඒවා “මුදල් නෝට්ටු ගොනු/බහාලුම්” නමින් සඳහන් කර තිබුණි.

FactSeeker අපි මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔවුන් තහවුරු කළේ, මෙසේ සංසරණය වන මුදල් නෝට්ටු නව මුදල් නෝට්ටු නොව, 2011 නිකුතුවේ “මුදල් නෝට්ටු ගොනු (currency folders)” කිහිපයක් බවයි.

මෙවැනි මුදල් නෝට්ටු ගොනු කොළඹ 01 චැතම් වීදියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් මිලදී ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

තවද ඒවා නැවත විකිණීම(re-sell) සිදු විය හැකි බව ද සඳහන් කළේය.

2011 පෙබරවාරි මස 04 වන දින නිකුත් කළ ශ්‍රී ලංකාවේ 11 වන ව්‍යවහාර මුදල් කාණ්ඩයට අයත් මුදල් නෝට්ටුවල ගොනු මෙසේ හුවමාරු වේ.

ඒ අනුව, මෙසේ “නව මුදල් නෝට්ටු” ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නව මුදල් නෝට්ටුවල ඡායාරූප නොවන අතර, ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව 2011 දී නිකුත් කළ මුදල් නෝට්ටු කාණ්ඩයට අයත් මුදල් නෝට්ටු ගොනු බවත්, අදාළ සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection