Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හුවමාරු වන මුදල් නෝට්ටු 2011 නිකුත් කළ මුදල් නෝට්ටුයි

Misleading
Misleading

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් "නව මුදල් නෝට්ටු" ලෙස දක්වමින් හුවමාරු වන ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

ජනවාරි 20, 2025

ශ්‍රී ලංකාවේ වලංගු මුදල්වල ස්වරූපයට සමානකම් සහිත මෙම මුදල් නෝට්ටු  සමාජ මාධ්‍ය හරහා බහුලව සංසරණය වීම නිසා එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

මෙම ඡායාරූප Google Lens යොදාගනිමින් Reverse Image Search කිරීමේදී එම ඡායාරූපවලට සමාන ඡායාරූප ගණනාවක් විවිධ වෙබ් අඩවි සහ YouTube නාලිකා ඔස්සේ පළ කර තිබෙන ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි විය.

එසේ පළ කර තිබූ ස්ථාන කිහිපයකම ඒවා “මුදල් නෝට්ටු ගොනු/බහාලුම්” නමින් සඳහන් කර තිබුණි.

FactSeeker අපි මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔවුන් තහවුරු කළේ, මෙසේ සංසරණය වන මුදල් නෝට්ටු නව මුදල් නෝට්ටු නොව, 2011 නිකුතුවේ “මුදල් නෝට්ටු ගොනු (currency folders)” කිහිපයක් බවයි.

මෙවැනි මුදල් නෝට්ටු ගොනු කොළඹ 01 චැතම් වීදියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් මිලදී ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

තවද ඒවා නැවත විකිණීම(re-sell) සිදු විය හැකි බව ද සඳහන් කළේය.

2011 පෙබරවාරි මස 04 වන දින නිකුත් කළ ශ්‍රී ලංකාවේ 11 වන ව්‍යවහාර මුදල් කාණ්ඩයට අයත් මුදල් නෝට්ටුවල ගොනු මෙසේ හුවමාරු වේ.

ඒ අනුව, මෙසේ “නව මුදල් නෝට්ටු” ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නව මුදල් නෝට්ටුවල ඡායාරූප නොවන අතර, ඒවා ශ්‍රී ලංකා මහ බැංකුව 2011 දී නිකුත් කළ මුදල් නෝට්ටු කාණ්ඩයට අයත් මුදල් නෝට්ටු ගොනු බවත්, අදාළ සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection