සුනිල් හදුන්නෙත්ති බීමතින් රිය අනතුරකට ලක් වුණා ද?
ජාතික ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා රිය අනතුරකට ලක්ව ඇති බවට සඳහන් පුවතක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙමින් පැවතිණි.
by Anonymous |
පෙබරවාරි 26, 2024
“ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල සුනිල් හදුන්නෙත්ති රිය අනතුරක. බීමත්ව සිටි බවට තොරතුරු.” යනුවෙන් සඳහන් සිරස නිවුස් ෆස්ට් 2024.02.20 දින පළකළ බවට සඳහන් පුවතක් මෙලෙස හුවමාරු වන අතර බොහෝ දෙනා එය සත්‍ය බව පිළිගෙන හුවමාරු කර ගෙන තිබුණි.
එම නිසා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට factseeker කටයුතු කළේය.
නිවුස් ෆස්ට් එවැනි පුවතක් පළ කළා ද?
මෙය නිවුස් ෆස්ට් පුවතකට බොහෝ සෙයින් සමාන ආකාරයෙන් සකසා ඇති බැවින් මෙවැනි පුවතක් නිවුස්ෆස්ට් ( සිරස මාධ්‍ය ජාලය) විසින් පළකර ඇතිද යන්න සොයා බැලීමට news first ෆේස්බුක් පිටුව සහ වෙබ් අඩවිය නිරීක්ෂණය කළ ද 2024 පෙබරවාරි 20 දා එවැනි පුවතක් පළ කර ඇති බවට තොරතුරු හමු නොවුණි. එමෙන්ම මේ පිළිබඳව එම ප්රවෘත්ති අංශයෙන් විමසීම් කළ විට එවැනි පුවතක් පළකර නැති බව ඔවුන් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගෙන් කළ විමසීමේදී තමා එවැනි රිය අනතුරකට ලක් නොවූ බවත් එම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් තමා හොදින් සිටින බවත් ප්‍රකාශ කළේය.
ඒ අනුව සුනිල් හදුන්නෙත්ති රිය අනතුරක යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත අසත්‍ය බව factseeker තහවුරු කරයි.