Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සුන්බුන් අතර සිරවී සිටින දැරියගේ වීඩියෝව තායිලන්ත භූ කම්පන සිදුවීමට අදාළ නොවේ.

Misleading
Misleading

තායිලන්තය සහ මියෙන්මාරය මූලික කොටගනිමින් පසුගිය සිකුරාදා (28) දින ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි රැසක් සහ දේපල හානි විශාල සංඛ්‍යාවක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

by Anonymous |

අප්‍රේල් 2, 2025

එසේම එම ප්‍රදේශවල තවමත් දිවි ගලවා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගෝලිය වශයෙන් මාධ්‍ය අවධානය යොමු වී පවතී.

මෙවැනි තත්ත්වයක් මත සමාජ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු බහුලව පැතිරයාම පිළිබඳ FactSeeker අවධානය යොමු කර සිටින අවස්ථාවක සුන්බුන් අතර සිරවී සිටින දරියකගේ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ආකාරය නිරීක්ෂණය විය.

එම වීඩියෝව මෙතැනින්:

https://www.facebook.com/share/v/195B7Xcj9m/

https://www.facebook.com/share/p/1AN1PdiBQU/

එම වීඩියෝ සංසරණය වන්නේ “භූමිකම්පාවේදී සිදු වූ හදවත කම්පාවන දසුනක්” ලෙස සඳහන් කරමින් ය.

එම වීඩියෝව සංසරණය වීමේදී මෙය මියෙන්මාර භූකම්පනයට අදාළ බව බොහෝ දෙනෙකු විශ්වාස කරන බවක් දක්නට ලැබුණි. නමුත් එක් අදහස් පළ කිරීමක මෙය සිරියානු යුද්ධයට අදාළ සිදුවීමක් බව දක්වා තිබුණි.

 

ඒ අනුව යමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

මෙම වීඩියෝවට අදාළ ඡායාරූප Google Reverse Image හරහා සොයා බැලීමේදී ලැබූ ප්‍රතිඵල අනුව දල වශයෙන් ලෝකයේ විවිධ සිදුවීම් හා සම්බන්ධ කරමින් අවස්ථා දහ දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම වීඩියෝව බෙදාගෙන ඇති බව තහවුරු  විය. එහි මුල් වීඩියෝව “userftdvvrl92i” නම් Tiktok ගිණුම හරහා 2024 ඔක්තෝබර් 24 දින පළ වූවක් බවට  සොයා ගැනීමට හැකි විය.

එම සම්පූර්ණ වීඩියෝව මෙතැනින්: https://www.tiktok.com/@userftdvvrl92i/video/7429798627142356231

මීට අමතරව මෙම වීඩියෝව සම්බන්ධයෙන් විදෙස් කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවි විසින් පල කරන ලද ලිපි කිහිපයක් සොයා ගැනිමට ද FactSeeker ට හැකි විය.

https://www.indiatoday.in/fact-check/story/fact-check-video-palestinian-child-trapped-under-rubble-israeli-bombing-2624592-2024-10-28

https://www.logicallyfacts.com/en/fact-check/no-this-video-does-not-show-a-palestinian-child-trapped-under-the-rubble

ගාසා තීරයේ ඇති වූ යුද්ධයේ දී සුන්බුන් අතර සිරවී සිටින දැරියකගේ වීඩියෝවක් බවට තොරතුරු හුවමාරු වීම නිසා ඔවුන් මෙම කරුණු පරීක්ෂා කිරීම කර ඇත.ඒ 2024 වසරේදී ය. මෙම දැරිය පලස්තීනයේ ගාසා තීරයේ කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරවී සිටින දැරියක් නොවන බවත්, සිරියානු යුද්ධයේ දී සිදු වූ කඩාවැටීමක සුන්බුන් අතර සිරවී සිටින දැරියක් හෝ නොවන බවත් මෙම ලිපිවල සඳහන් වෙයි. එසේම මුල් වීඩියෝවේ සඳහන් පරිදි දැරිය බිත්තියක සිදුරක් දෙස බලා සෙල්ලම් කරමින් සිටින බවත්, එය සිරියාවේ රූගත කිරීමක් බවත් කරුණු පරීක්ෂා කිරීම්වලින් තහවුරු කර ඇත.

එබැවින් මෙම කරුණු පරීක්ෂා කිරීමේ ලිපිවල කරුණු විශ්ලේෂණය අනුව සුන්බුන් අතර සිරවී සිටින දරුවාගේ වීඩියෝව තායිලන්ත, මියෙන්මාර භූකම්පනයට අදාල වීඩියෝවක් හෝ පලස්තීන, සිරියානු යුද්ධයට අදාළ සිදුවීමක් හෝ නොවන බව FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection