Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

Misleading
Misleading

වෙරළට ගසාගෙන පැමිණි තල්මසුන් රංචුවක් ධීවරයින් පිරිසක් විසින් නැවත සාගරයට මුදාහරින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව රුසියානු භූමි කම්පාවේදී වූවක් නොව බව Factseeker තහවුරු කරයි.

by Anonymous |

අගෝස්තු 1, 2025

වෙරළට පැමිණ සිටින තල්මසුන් රංචුවක් ජලයෙන් තෙත් කර පසුව සාගරයට මුදාහරින වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

මෙය පසුගියදා ඇතිවූ රික්ටර් මාපක 8.8 ක ප්‍රබල භූමිකම්පාවේදී රුසියාවේ කැම්චෙට්කා වෙරළ තීරයට ගොඩ ගසාගෙන පැමිණි බෙලුගා තල්මසුන් රංචුවකට රුසියානු ධීවරයින් පිරිසක් විසින් තෙතමනය ලබා දෙන බවට මෙම වීඩියෝවේ සදහන් කර තිබිණි.

https://x.com/jignesh03011976/status/1950757864248606838

පාරිසරික වෙනස්වීම් පිළිබඳව මිනිසුන්ට පෙරර සත්වයින්ට දැනෙන බවත් එය හැගවීමට මේ ආකාරයට මත්සයින් වෙරළට ගසාගෙන එන බව ද පරිශීලකයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

ඒ අතර ඇතැමුන් මෙම වීඩියෝව පැරණි වීඩියෝවක් බවද සඳහන් කර තිබුණි.. ඒ අනුව මෙම අදහස්වල පැවතුන පරස්පරතාවන් හේතුවෙන් Factseeker මේ පිළිබදව සොයා බැලීය. එම වීඩියෝව google reverse image හරහා නිරීක්ෂණය කර බැලීමේදී මෙහි පළමු වීඩියෝව සොයා ගැනීමට හැකිවිය.

https://youtube.com/shorts/DogdeXUD2YE?si=5I5OF0hkf1nneFpD


මෙම වීඩියෝව 2023.08.16 වන දින youtube වෙත මුදාහැර ඇති බව නිරීක්ෂණය විය. මෙය ද රුසියාවේ වූ සිදුවීමකි. කෙසේ වෙතත් මෙම වීඩියෝව නොමැතිව මේ දිනවලදී රුසියාවේ එවැනි සිදුවීමක් වාර්තා වී ඇත්ද? යන්න සොයා බැලූ නමුත් එවැනි වීඩියෝවක් සොයාගැනීමට නොහැකි විය.

ඒ අනුව පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් රුසියාවේ කැම්චෙට්කා වෙරළට පැමිණී බෙලූගා තල්මසුන්ගේ යැයි දක්වමින් සමාජ මාධය ඔස්සේ සංසරණය වන වීඩියෝව පැරණි වීඩියෝවක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#misleading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

Related Content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection