Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ලොව විශාලතම කොස්ගෙඩිය ශ්‍රී ලංකාවෙන් හමු වූ බව අසත්‍යයි

False
False

අඩි හතරක් පමණ විශාල වූ කොස් ගෙඩියක් ශ්‍රී ලංකාවෙන් හමු වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මාර්තු 24, 2025

මෙම වීඩියෝවේ එක් අවස්ථාවක එය කෑගල්ල ප්‍රදේශයෙන් හමු වූ බවත්, තවත් අවස්ථාවක ඇහැලියගොඩ ප්‍රදේශයෙන් හමු වූ බවත් සඳහන් කර තිබුණි. එම වීඩියෝව මෙතැනින්:

මෙවැනි පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍යයන් ඔස්සේ වාර්ථා වී ඇති දැයි සොයා බැලූ විට එවැනි කිසිඳු තොරතුරක්  FactSeeker ට හමු නොවුණි. මෙම වීඩියෝවේ අදහස් පළකිරීම් හි බොහෝ දෙනා මෙය සත්‍ය බව සලකා විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන්හි බොහෝ වාර ගණනක් හුවමාරු (Share) කර තිබෙන බව  Google Lens හරහා සොයාගත හැකිවූ අතර එම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳ වැඩි දුරටත් කරුණු පරීක්ෂා කරන ලදී.

මෙම වීඩියෝව ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී, එහි අවට පරිසරය දර්ශනය වන ආකාරයේ සහ පුද්ගලයින්ගේ හැසිරීම්, මුහුණුවල ස්වභාවයන් අපැහැදිලි සහ අස්වාභාවික ස්වරූපයක් දක්නට ලැබුණි.

මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද්දක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අපි deepware වෙබ් අඩවිය භාවිත කළෙමු. එහිදී ලැබුණු ප්‍රතිඵල අනුව අදාළ වීඩියෝව  කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද බව තහවුරු කර ගැනීමට හැකි විය.

 

ඒ අනුව  FactSeeker තහවුරු කරන්නේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් බව සඳහන් දැවැන්ත කොස් ගෙඩියක් සහිත වීඩියෝව ව්‍යාජ ලෙස කෘත්‍රීම බුද්ධිය යොදාගෙන සකසන ලද වීඩියෝවක් බවයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection