Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

රැකියා විරහිත පුරවැසියන්ට රුපියල් 50 000 ක දීමනාවක් දෙනවා ද?

False
False

"ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024" යටතේ ප්‍රතිලාභ ලබාදෙන බැවින් එම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉක්මණින් අයදුම් කරන ලෙස දැක්වෙන සබැඳියක් (link) සහිත පෝස්ටුවක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙයි.

by Anonymous |

ඔක්තෝබර් 23, 2024

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව factseeker සොයා බැලීය.

 

අදාළ පොස්ටුව මෙසේය,

“ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024″
රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ක ප්‍රදාන අරමුදලක් අනුමත කර ඇත. ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇත. ප්‍රතිලාභීන් අතර වීමට දැන්ම අයදුම් කරන්න.

අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතු අතර වයස අවුරුදු 45 නොඉක්මවිය යුතුය.
ඔබගේ අයදුම්පත දැන් ඉදිරිපත් කිරීමට පහත සබැඳිය ක්ලික් කරන්න

දැන් අයදුම් කරන්න👇” යනුවෙන් සඳහන් වේ.

රජය විසින් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතිද යන්න පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර හෝ දැන්වීම් පළ කර ඇතිද යන්න පිළිබඳව factseeker සොයා බැලු අතර එවැන්නක් වාර්තා කර නොමැති බව තහවුරු විය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසු අතර ඔවුන් සඳහන් කළේ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කර නොමැති අතර පැතිර යන පුවත අසත්‍ය බවය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ද විමසීමක් කළ අතර ඔවුන් ද සඳහන් කළේ මෙවැනි ව්‍යාජ සබැඳීන් links හරහා විවිධ වංචාවන් සිදුවන බැවින් එවැනි සබැඳීන් (links) විවෘත කර බැලීමෙන් වළකින ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යටතේ ප්‍රතිලාභ ලබාදීම යනුවෙන් හුවමාරුවන පෝස්ටුව අසත්‍ය එකක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

18 වංගුවේදී බස් රථයක් මතට ගලක් කඩා වැටී 08 දෙනෙකු මියගිය බවට පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 15, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection