Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මොහොමඩ් ඊබ්‍රහිම් කොළඹින් ඡන්දෙට එනවා ද?

False
False

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුගේ පියා වන ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින බව දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

ඔක්තෝබර් 15, 2024

මෙහි සත්‍යාසත්‍යතාව සොයා බැලීම සඳහා අප ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග වදින අපේක්ෂක ලැයිස්තුව පරීක්ෂා කළෙමු. එහිදී මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තෙකු එම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් නොවන බව අපට තහවුරු විය.

ඉන් අනතුරුව, වෙනත් දිස්ත්‍රික්කයක හෝ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමලේඛනයේ හෝ එම නම සහිත අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබේද යන්න අප විසින් පරීක්ෂා කරන ලද අතර එහිදීද එවැන්නෙකු ඊට ඇතුළත් කර නොමැති බව තහවුරු විය.

මේ සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් සිදු කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ 2015 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලෙස ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් නම් කර සිටියද, මෙවර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂක ලැයිස්තුවකට ඔහු ඇතුළත් කර නොමැති බවයි.

ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇති මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය පෝස්ටුවේ සඳහන් වන අයුරින් මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection